මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6 ක ඖෂධ ප්‍රදානයක්

    ජූනි 21, 2023

    ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ (Helpline Lanka ) මඟින් (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි.

    මෙරට ඇමරිකානු තානාපති ජූලි ජියෝන් (Julie J. Chung) මහත්මිය විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දුන්නාය. ආසාදන තත්ත්ව ,කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටීස්, දියවැඩියාව හා වේදනා නාශක ඖෂධ අතුළු ඖෂධ වර්ග 32 ක් ඒ අතර වේ.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් උදව් උපකාර කළ මිතුරු රටවල් සියල්ලටම ගෞරව ස්තුතිය පුද කර සිටින බවයි. එම අර්බුදකාරී තත්ත්වයට පෙර පැවති වසංගත කාලයේ පටන්ම සියලුම රටවල් මිත්‍රශීලී වෙමින් ශ්‍රී ලංකාව අත්නොහැර හැකි සෑම අයුරින්ම උපකාර කළ බව අමාත්‍යවරයා කියා සිටියේය.

    එමෙන්ම ලැබෙන ඖෂධ රේගුවෙන් නිදහස් කරගැනීමට ගත වන කාලය අඩු කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ආධාර වශයෙන් ලැබෙන ඖෂධ සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් ඒ මහතා කීය. බොහෝ විට ඒවායේ ලිපිගොනුවල හා භාෂා ගැටලු මේ සඳහා බලපාන බවත් රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමෙන් එම ගැටලූ බොහොමයක් මඟහරවා ගත හැකි බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි ජියෝන් චං මහත්මිය.

    මිතුරු රටක් ලෙස ඉදිරියේදී තව තවත් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවත් ලැබෙන ආධාර රේගුවෙන් නිදහස් කර ගැනීමේ කටයුතු ඉක්මන් කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් කියා සිටියාය.

    මෙම අවස්ථා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත්, සම්බන්ධීකාරක (කොවිඩ් 19 සහ සෞඛ්‍ය ආධාර කටයුතු) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් ඇතුළු ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya