මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවින්ට පොහොර වවුචර්පත් හා පොහොර සම්බන්ධ ගැටලු පැමිණිලි කිරීමට දුරකථන අංක දෙකක්

    ජූනි 20, 2023

    ගොවින්ට පොහොර වවුචර්පත් හා පොහොර සම්බන්ධ ගැටලු පැමිණිලි කිරීමට තවත් දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව පොහොර සහනාධාර වවුචර් පත් සම්බන්ධ ගැටලු සඳහා දුරකතන අංක 0717649054 ඔස්සේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ගොවිජන කොමසාරිස්, මිගාර මහතා ඇමතීමට හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එසේම පොහොර පිළිබඳව විමසීම සඳහා දුරකථන අංක 0773497565 ඔස්සේ පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ධම්මික එදිරිසූරිය මහතා ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකියි.


    ගොවි ජනතාවට යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් තවම ලැබී නැති බවටත්, යුරියා ඇතුලු අනෙකුත් පොහොර ලබා ගැනීමේ දී ඇතිවන ගැටලු පිළිබඳවත් නිරන්තරයෙන් මාධ්‍ය තුළ ගොවි ජනතාවගේ අදහස් ප්‍රකාශ වන බැවින් තොරතුරු ලබා ගැනීමට තවත් නිලධාරින් දෙදෙනකුගේ දුරකථන අංක මාධ්‍ය වෙත නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya