අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩවලව වනෝද්‍යානය පැරණි පිවිසුම හා සඳගිරිය පිවිසුම සහ අනෙකුත් ඉදිකිරීම් කඩිනමින් නිමකිරීමට උපදෙස්

    ජූනි 07, 2023

    උඩවලව ජාතික වනෝද්‍යානයට ඇතුළ්වීම සඳහා බලංගොඩ හඳගිරිය ප්‍රදේශයෙහි ආරම්භ කිරීමට යෝජිත නව පිවිසුම් දොරටුව සහ අනෙකුත් ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙස වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය වනජීවී සංරක්ෂණදෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

    බලංගොඩ වැලිගෙපොල -කල්තොට නිරීක්ෂණ චාරිකාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරිය මෙම උපද්ව්ස් ලබා දී තිබේ.

    එහිදී හඳගිරිය හා පොල්ලමුරේ යන ප්‍රදේශවල ජනතාවට ගැටලුවක්ව පවතින අලි ගම්වැදීම පාලනය කිරීම සඳහා වන කිලෝමීටර් 05කින් යුත් අලි වැටඉදිකිරීමේ අවස්ථාවට අමාත්‍යවරිය එක් වූ අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති හෙයින් කඩිනමින් එම ඉදිකිරීම් සිදුකරන බව අමාත්‍යතුමිය එහිදීපැමිණ සිටි පිරිස අමතා පැවසුවාය.

    එමෙන්ම හඳගිරිය වනෝද්‍යනය තුළ කිලෝමීටර් 30ක් වන මාර්‍ග පද්ධතිය සකස් කිරීමටත්, අභ්‍යන්තරයේ පවතින වැව් 04ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, හඳගිරිය සහ උඩවලවේ ප්‍රදේශ යාකරමින් වලවේ ගඟ හරහා මීටර් 52ක් වන පාලම ඉදිකිරීමටත් සංචාරක බංගලා 02ක් හා නව කඳවුරු බිම් 05ක්ඇතිකිරීමට එහිදී අමාත්‍යවරිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡා සිදුකෙරිණි.

    එහිදී අමාත්‍යවරිය පැවසුවේ උඩවලව වනෝද්‍යානය පැරණි පිවිසුම හා සඳගිරිය පිවිසුම අතර සබඳතාවය ඇතිකිරීම තුළින් දෙස් විදෙස් සංචාරකයන්ටඑකම වනෝද්‍යානයක පවතින දේශගුණික හා පරිසර පද්ධතීන් දෙකක් දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන බැවින් එය සංචාරක ආකර්ෂණය වැඩිකිරීමටහේතුවනු ඇති බවයි.

    මීට අමතරව යෝජිත ව්‍යාපෘති ඇතිවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ආර් ථික වශයෙන් දියුණු වීමට අවස්ථාවක් ඇතිවන අතර බලංගොඩ ප්‍රදේශයේතරුණ තරුණියන්ට නව රැකියා අවස්ථාවන් හිමිවන බවද අමාත්‍යතුමිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

    ඉන් අනතුරුව බලංගොඩ, ඉඹුල්පේ හා වැලිගෙපොල ප්‍රදේශයේ අලිවැට ඉදිකිරීම සම්බන්ධයෙන් තන්ජන්තැන්න විහාරස්ථානයේදී සහ බෝවත්තවිහාරස්ථානයේදී සාකච්ඡා කෙරුනු අතර එම ප්‍රදේශයන්හි අලිවැට ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 19ක් වෙන්කර ඇති බවත් එය හැකි ඉක්මනින් සිදුකළයුතු බවත් අමාත්‍යවරිය නිලධාරීන්ට අවධාරණය කළාය.

    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා මහත්මිය , පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, පළාත් මාර්ග සංවර්ධනග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක හා ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශය ලේකම් බී. ඒ.සී.පි බමුණුආරච්චි, සබරගමු පළාත් පළාත් පාලන කොමසාරිස් එල්එම්. ජී. ඩබ්ලිව් බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු පළාත් පාලන, ,වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි, කල්තොට ප්‍රාදේශීය ලේකම් පී ඩීඑන් වීරසූරිය, බලංගොඩ හපුගල ලංකා විදුලිබල මණ්ඩලයේ විධායක ඉංජිනේරු, ග්‍රාම නිලධාරීන්, කෘෂි නිලධාරීන්,වනජීවී සංරක්ෂණ නිලධාරීන්, වනසංරක්ෂණ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුලු ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya