මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවයට පත් ධීවරයන්ට සිව්වනවරටත් වන්දි

    මැයි 18, 2023

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවයට පත් ධීවරයන්ට වන්දි මුදල් ලබාදීම කඩාකප්පල්  කිරීමට ඇතැමුන් උත්සහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රට මුහුදු තීරයේදී ගිනිගෙන විනාශයට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව⁣ හේතුවෙන් ආර්ථික අපහසුතාවයට පත් ධීවර ප්‍රජාවට වන්දි මුදල් ලබාදීමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නැති දේවල් මවාපා රණ්ඩු කරගත්තොත් ලැබෙන්න තියෙන වන්දි මුදල් නොලැබීයාමේ අවධානමක් පවතින බවයි. එබැවින් සියලුමදෙනා එකමුතුව එකට සිට කටයුතු කරමින් මෙම ප්‍රශ්නය ජය ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

    මෙම නෞකා අනතුර හේතුවෙන් අගතියට පත් ධීවර ප්‍රජාවට අංශ 27ක් යටතේ අදියර තුනකට මේ වනවිට රුපියල් මිලියන 1000ක පමණ වන්දි මුදලක් ලබාදී ඇත. මෙවර ලබාදෙනු ලැබුවේ සිව්වැනි අදියරේ වන්දි මුදලය. මෙහිදී නෞකා අනතුර හේතුවෙන් අගතියට පත් ධීවරයන් 300 දෙනෙකුට අමාත්‍යවරයා විසින් වන්දි මුදල් ප්‍රධානය කරනු ලැබිණ.

    මීගමුව නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති එම උත්සවයේදී නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙකෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය අති විශාලයි. නෞකා අනතුරු අපට අලුත් අත්දැකීමක්. ඒනිසා නිව් ඩයමන්ඩ් නෞකා අනතුර සම්බන්ධයෙන් රජයට ලැබිය යුතු වන්දි මුදල් අපට  ලබා ගන්න අපහසු වුණා. නමුත් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවයට පත් කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට පිහට වෙන්න අපිට පුළුවන් වුණා.මේ වන්දි මුදල් ලැබෙන්නේ රජයේ මැදිහත්වීම මතයි.

    මේ නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කරන මීපා ආයතනය තියෙන්නේ මගේ අමාත්‍යංශය යටතෙයි.ඒ අයතනයේ උපදේශක මණ්ඩලයක් මගින් අපි තොරතුරු ලබාගන්නවා. කලින් හිටපු  අලී සබ්රි ඇමතිතුමා  හා වර්තමානයේ අධිකරණ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන විජයදාස රාජපක්ෂ ඇමතිතුමත් මේ වන්දි මුදල් ලබාගැනීමට වෙහෙස මහන්සිවෙලා වැඩ කළා.

    නමුත් නෞකා අනතුරෙන් අගතියට පත් ඔබට වන්දි මුදල් ලබාදීම අවහිර කරන්න සමහර කණ්ඩායම් උත්සහ ගත්තා. නුසුදුසු අයට වන්දි මුදල් දෙනව කියල අපිට ලියුම් එවනවා. අපි රණ්ඩු කරගන්න ගියොත් ලැබෙන්න තියෙන මුදලත් නැතිව යාවි.අපි⁣ මේව තේරුම් අරගෙන වැඩ කරන්න ඕන.

    නැති දේවල් මවාපාල,කේලම් කියල බොරු මතවාද හදනවා.එවැනි තත්ත්වයක් උඩ මුදල් දෙන විදිය අපිට සැකයි. මේක නවත්වන්න කියල

    නැව් සමාගම කි⁣ව්වොත්  කාටද පාඩු.ධීවර ඔබටමයි.බැංකුවට සල්ලි දැම්මම කාට මුදල් වැටුණද කියන්න දන්නේ නැහැ. ඒක ලොකු ගැටළුවක්.ඒ නිසා වන්දි මුදල් දෙනකොට අදාළ පුද්ගලයන් හඳුනාගෙන දෙන්න කියල මම දිසාපතිතුමාට උපදෙස් දුන්නා.යම් හෙයකින් සුදුසු නැති අය හිටියොත් ඒ අය අයින් කරල ඒ මුදලත් සුදුසු අයට දෙන්න කියල මම උපදෙස් දුන්නා. එකට එකතුවෙලා,එකමුතුව හිටියොත් අපිට මේක ජයගන්න පුළුවන්.බෙදුනොත් මේව ලබාගන්න බැරි වෙනවා.

    ආණ්ඩුව මුහුණ දෙන ප්‍රශ්න ඔබ දන්නවා.මීට අවුරුද්දකට කලින් අපි හිටියේ කොතනද කියල පොඩ්ඩක් හිතන්න.බොහෝ දෙනෙක් උත්සහ ගන්නව මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ, එහෙමත් නැත්නම් මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් කියල පෙන්වන්න. අපි ජාත්‍යන්තරයට ණය වෙලා තියෙන මුදලට වඩා වැඩි මුදලක් යුද්ධය නිසා අපිට අහිමි වෙලා තියෙනවා. සමහරු කියනව අපරාදෙ නිදහස් වුනේ රට සුද්දටම දෙන්න තිබුණනම් හොඳයි කියල. සුද්දගෙන් නිදහස් වෙනකොට ආණ්ඩුවට තිබුණේ එක පාසලයි .අද ඊට වැඩියි.රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම රට සංවර්ධන කරන්න උත්සහ ගත්තා. ඒත් මතක තියාගන්න යුද්ධයක්,ස්වාභාවික විපත්,71,83,88,89 කැරලි නිසා රටේ ආර්ථිකයට විශාල හානියක්  මිස වාසියක් වුනේ නැහැ. අපි ආපස්සට ගියා.

    ආණ්ඩුව යම් වැඩ කොටසක් කරනවා.නමුත් අපේම පිරිසක් මේක කඩා කප්පල් කරන්න උත්සහ ගන්නවා.අපි හදන පාරවල් හදන කොට සියයට 10ක් කොමිස් ගන්නව කියල අපිට බණිනව.පාර හැදුවෙ නැති වූණාමත් බණිනව.ඒ අපේ මිනිසුන්ගේ හැටි.  ආණ්ඩුවට සල්ලි නෑ. මේ දෙන්නෙ නැව් සමාගම්වලින් ලැබෙන මුදල්. මේ දෙන්නෙ හතරවෙනි වතාවට.පුළුවන්කමක් තිබුනොත් තව මොනවහරි දෙන්න අපි උත්සහ ගන්නව. මේ සල්ලි ආණ්ඩුව තියාගන්නෙ නැහැ.

    කොරෝනා වසංගතය නිසා අපිට ගම්වලට එන්න බැරිවුණා.ඒ නිසා සල්ලි දෙන්න සල්ලි ගන්න මහන්සි වුණ අය පැත්තකටදාල වෙන අය ලකුණු දා ගන්න උත්සහ  කරනවා යැයිද පැවසීය.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා මෙසේ පැවසීය.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීම නිසා ධීවර ජනතාවට මෙන්ම මෙරට වෙරළ පරිසරයටත් විශාල විනාශයක් වුණා.විශේෂයෙන්ම මේ සිදුවීම නිසා ධිවර ප්‍රජාවට මෙන්ම වෙරළාශ්‍රිත ජනතාවගේත් ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ලවුණා.ඔවුන්ගේ ජීවන තත්ත්වයට යම් තරමකින් හෝ සවියක් වන්නට රජය විසින් වන්දි මුදල් ලබා දෙනවා. කාලයක් වන්දි මුදල් නොලැබීම ගැන කතා වුණා.මේවනවිට ධීවරයින් 1000ට ආසන්න පිරිසකට වන්දි ලබාදී තිබෙනවා. මේ මුදල් ඔබට ලබාදෙන්න රජය විශාල මහන්සියක් දරණවා.වන්දි මුදල් ලබාගන්න එන්න කියපු සමහරු අද ඇවිල්ලා නැහැ. එය කණගාටුවට කරුණක් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

    ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන,මීගමුව නගර සභාවේ  හිටපු නගරාධිපති දයාන් ලාංසා, මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පතිරණ,හිටපු නාගරික මන්ත්‍රීවරුන්,ධීවර සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya