මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය නාවික හමුදාවට අයත් 'INS Batti Malv' නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

    මැයි 17, 2023

    ඉන්දීය නාවික හමුදාවට අයත් 'INS Batti Malv' නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ(16) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ 'INS Batti Malv' නෞකාව, දිගින් මීටර් 46 ක් හා නැව් මුළුව 101 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කොමාණ්ඩර් MAN Singh M Mane කටයුතු කරනු ලබයි. නෞකාවේ අණදෙන නිලධාරි සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්චේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර අතර නිල හමුවක් ඊයේ(16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, නෞකාවේ නැව් මුළුව නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී, නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම පරික්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ පුහුණු අභ්‍යාසයක් (Visit Board Search & Seize – VBSS) සඳහාද සහභාගී විය.

    එමෙන්ම, 'INS Batti Malv' නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

    තවද, 'INS Batti Malv' නෞකාව අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නැගෙනහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya