මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනතාව අපහසුතාවයට පත්කරිමන් සිදු කෙරෙන දුම්රිය වර්ජන සම්බන්ධයෙන් දැඩි තීන්දු ගන්නවා

    මැයි 16, 2023

    මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් සිදු කෙරෙන දුම්රිය වර්ජන   සම්බන්ධයෙන් දැඩි තීන්දු ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ පටු අරමුණු ඇතිව දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් අයථා ලෙස පරිහරණය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා  බවයි. එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පැවැත්වෙන බව ද හෙතෙම පැවසීය.

    දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ තනතුරට සිදු කළ පත්වීමක් හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් සිදු කළ වැඩවර්ජනය නිසා දුම්රිය කිහිපයක් අවලංගු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස්  දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ , එම පත්වීම් දේශපාලන මැදිහත් වීම් මත සිදු නොවූ බවයි.

    රජයේ දෙපාර්තමේන්තුවකට, දේශපාලන උවමනා එපාකම් අනුව එම පත්වීම්  කරන්න බැහැ.එම සියළු පත් කිරීම් සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන්. රාජ්‍ය  සේවා කොමිෂන් සභාව විසින් සිදු කරන පත්වීම් ඇමතිවරයාට වෙනස් කරන්න බැහැ. මෙවැනි හේතු නිසා , චණ්ඩි විදියට  සහ බලහත්කාරයෙන් මහජනතාවට ලබා දෙන සේවාව සපයන්නේ නැත්නම් ඊට එරෙහිව කටයුතු කරන්න සිදු වෙනවා. මහජනතාවගේ  පොදු මතය වෙන්නේ  දුම්රිය පෞද්ගලීකරණය කළ යුතුයි කියලා. නමුත් මම පෞද්ගලිකවම ඒකට කැමති නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කරලා මෙම ආයතනය දියුණු කරන්න විකල්ප ක්‍රම රාශියක්  අනුගමනය කරමින් ඉන්නේ. දුම්රිය දේපළ වත්කම් කළමනාකරණය කර, ගාස්තු ගැළපීමක් කර  අලාභ අඩු කර ගැනීමට කටයුතු කරිම්න ඉන්නේ.මේ පොඩි පොඩි දේවල් නිසා මගී ජනතාව අපහසුතාවයට පත්  කරනවා නම් ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා.

    තවද  එළඹෙන වසරේ සිටි කන්කසන්තුරේ සිට කොළඹ දක්වා වඩා හොඳ දුම්රිය සේවාවක් උතුරට ලබා දීමට බලාපොරොත්තු වන  බවද කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya