මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 16, 2023

    මූලික මිනිස් අයිතිවාසිකම් වලට බාධාවන අයුරින් කිසියම් පාර්ශවයක් කටයුතු කරයි නම් , ඊට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, නිල වශයෙන් දැනුම් දී ඇතැයි, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සකඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

    පෙර වසරවල් වල විඳි යුධ, කලකෝලාහල, ප්‍රචණ්ඩකාරී සිදුවීම් වල අමිහිරි අත්දැකීම් නිසා ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානි එල්ල වූ බවත්, එහෙත් මීට වසරකට පමණ පෙර තිබු තත්ත්වයට සාපේක්ෂව ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන රටක් බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරිවර්තනය කර තිබෙන අවස්ථාවක නැවත මෙම රට තුළ ප්‍රචණ්ඩකාරිත්වය පැතිරවීමට හා ප්‍රදර්ශන කිරීමට ඇතැමුන් උත්සහ ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.    

    එමෙන්ම, මෑත ඉතිහාසය තුළ නැවත ජනවාර්ගික ගැටුම් අර්බුදයක් ඇතිකරවීමට/ විවිධ ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇති කිරීමට නැවත ප්‍රචණ්ඩත්වයට හේතු වන කුමන හෝ ක්‍රියාවක් උලුප්පා දැක්වීමට තවත් පිරිස් විසින් සමාජ මාධ්‍ය හරහා විවිධ උත්සාහයන් දරන බවත්, ඒ වෙනුවෙන් වෙනත් විකල්ප කණ්ඩායම් උත්තේජකයන් සපයන බවට රජයට වාර්තා වී තිබෙන බවත් මෙහි දී අවධාරණය කළේය.

    එමනිසා ඉතාම ප්‍රවේසමෙන් හා වගකීමෙන් යුතුව මෙරට මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උත්සහ කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් රජය ආණ්ඩුවක් ලෙස නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya