මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම ජනමාධ්‍ය සතුයි - අධිකරණ ඇමති

    මැයි 15, 2023

    ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය ස්වාධීන ආයතනයන් ලෙස පැවතිය යුතු බවත් මේ වන විට ස්වාධීන මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ බවත් අධිකරණ , බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (15). කොළඹ පැවති අපරාධ වාර්තාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වෙමිනි.

    කිසිඳු පුද්ගලයකුට නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා නීතියෙන් පුද්ගලයා පාලනය විය යුතු බවත් මිනිසා විසින් මිනිසා අරඹයා ගෙනයන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවත් පෙන්වා දුන්නේය.එසේම පාලකයා ගන්නා තීන්දු තීරණ ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපෑම් ඇතිකරගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා පාලක පන්තිය ගනු ලබන තීරණ ජනතාවට යහපත් වියයුතු බවත් වැඩිදුරටත් පැවසීය.

    එසේම මාධ්‍ය තුළින් දකින දේ අනුව පුද්ගලයන් තීන්දු තීරණ ගැනීමට මේ වනවිට පෙළඹී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මාධ්‍ය වාර්තාකරණයේදී නීතියේ විෂයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතු බවත් සඳහන් කළේය.අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳවැටීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම අපහසුබව පෙන්වා දුන් අමාත්‍යවරයා නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වගකීම ජනමාධ්‍ය සතුව පවතින බවද වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට එම අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් මහතා ,කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා , මහාචාර්‍ය් ටියුඩර් වීරසිංහ මහතා සහ විද්‍යුත් , මුද්‍රිත, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ,විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඇතුලු පිරිසක් එක්විය.

    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya