මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට වැඩපිළිවෙලක්

    මැයි 15, 2023

    රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සියයට 6.5ක පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP ව්‍යාපෘතිය සහන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

     

    ඒ අනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය, (13) හම්බන්තොට දී තරුණ ප්‍රජාවකෘෂිකර්මාන්තයට උනන්දු කරවීම සඳහා අදාළ සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත.

    මෙම වැඩපිළිවෙල යටතේ සියයට 6.5ක අවම පොලී අනුපාතයකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50කට රුපියල් මිලියනයක් හා මිලියනදෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කෙරේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සහන ණය වැඩසටහන යටතේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිටිනකෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට ද තමන් කැමැති සුදුසු වගාවක් සඳහා හෝ සත්ව පාලනය සඳහා මෙම ණයයෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP) පවසයි.

    එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ණය මුදල් ලබා ගන්නා තරුණ තරුණියන්ට අදාල වගා කිරීමට අවශ්‍ය තාක්ෂණය, උපදෙස්, අධීක්ෂණය හා තම නිෂ්පාදනඅලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය වෙළෙද පොල ද සම්පාදනය කර දෙනු ලබයි.

    විශේෂයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව ඉළක්ක කර ගනිමින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන මගින් හැකි තරම් අපනයනය ඉළක්ක කර ගනිමින් වගාකළ හැකි කෘෂිකාර්මික බෝග, එළවළු හා පලතුරු නිෂ්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ණය මුදලක් ලබා ගැනීම ගැටලුවක් නොවන බවත්, ණයකරුවෙක් නොවී එම මුදල් ඵලදායි ලෙස යොදා ගනිමින්කෙටිකාලයක් තුළ තමන් සාර්ථක වීමටනම් උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය. බැංකුවල අසාදු ලේඛන ගත නොවීබැංකු සමග ගනුදෙනු කරන විශ්වාසය දිනාගත් හොඳ ගනුදෙනුකරුවෙක් වීමට උත්සාහ කරන ලෙස ද අමාත්‍යවරයා ණය ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය බැංකු නියෝජනය කරමින් එහි උසස් නිලධාරින් මෙන්ම කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත් වැඩසටහනේ නිලධාරින් දසහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya