මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩි මිලට භාණ්ඩ විකුණන්නන් සොයා විශේෂ මෙහෙයුම් අනිද්දා සිට දීප ව්‍යාප්තව

    අප්‍රේල් 04, 2023

    පාරිභෝගික අධිකාරිය සහ වෙළඳ අමාත්‍යංශය එක්ව වැඩි මිලට භාණ්ඩ විකුණන්නන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එම වැඩපිළිවෙළ අනිද්දා සිට දීප ව්‍යාප්තව ආරම්භ කරන බව වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය‍.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගන්නා අවස්ථාවේ එම විවාදයට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජය ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වීම නිසා ජනතාවට සහණ ලබා දීමට හැකි වූ බවයි.

    පසුගිය වසරේ ගෝල් ෆේස් පිටියේ තමයි සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ, නමුත් මේ වන විට අවශ්‍ය ගෑස්, විදුලිය , ඉන්ධන ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා. අපි ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වූ නිසා තමයි ජනතාවට සහණ ලබා දීමට හැකි වූයේ. මේ වන විට රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

    රටේ නිෂ්පාදනට අඩාල වුණහම වෙනත් රටකින් ආනයනය කිරීමට සිදු වෙනවා. පහුගිය කාලයේ සිදු වූ අකාර්යක්ෂමතාව නිසා එහි ප්‍රථිපල අද විඳීමට සිදු වී තිබෙනවා.මෙහි බලපෑම සිදු වුණේ පාරිභෝගිකයින්ට.
    නිෂ්පාදනය වැඩි කළෝත පමණයි භාණ්ඩ මිල වැඩි කර ගත හැක්කේ, එම වැඩපිළිවෙළ සඳහා රජය ගමන් කරමින් සිටිනවා. අපනයන පනත යටතේ වන නියෝග කිහිපයක් පිළිබඳ අද පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පැවති ආර්ථික අර්බුදයත් සමග භාණ්ඩ විශාල ප්‍රමාණයකට බාදක දැමීමට රජයට සිදු වූ බවයි. ඒ අනුව භාණ්ඩ 1464 ආනයනය කිරීමේදී පාලනය කිරීමට රජය කටයුතු කර තිබේ.
    මේ වන විට ක්‍රමයෙන් එම බාදක ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටී. ඉතිරි වී ඇති තවත් භාණ්ඩ 689ක් සඳහා ඇති බාදක හැකි ඉක්මනින් ඉවත් කරන බවද හෙතෙම කීය‍ රටට අවශ්‍ය භාණ්ඩ හිගයක් ඇත්න්ම පිටරටින් ආනයනය කර හෝ එම ජනතාවට හිගයකින් තොරව භාණ්ඩ ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම කීය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya