මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවකට යොමුවන ශ්‍රි ලාංකිකයින්ට කාර්යාංශ ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ

    මාර්තු 25, 2023

    විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සැලසීමට කාර්යාංශය මේ වන විටත් අවස්ථාව සලසා දී ඇත.

    මෙහිදී රැකියා අපේක්ෂිත ශ්‍රි ලාංකිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ ඇති Online Self Registration සබැඳියට පිවිසීමෙන් අදාල සේවාව ලබාගත හැක.

    මෙම පහසුකම භාවිතා කිරීමෙන් ස්වයං ලියාපදිංචියකදී කාර්යාංශයට ලබාදිය යුතු ලිපි ලේඛනවල නිරවද්‍යභාවය පිළිබඳව පූර්ව තහවුරුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    මෙම මාර්ගගත පහසුකම භාවිතා කිරීමෙන් විදේශ රැකියා සඳහා ගුවන් ගතවන දිනයේදී ගුවන් තොටුපොල කාර්යාංශ ඒකකය මගින් දෙනු ලබන සේවාවන් පමාවකින් තොරව ලබාගැනීමට ශ්‍රි ලාංකික විගමණිකයින්ට අවස්ථාව සැලසේ. මේ පිළිබදව වැඩි විස්තර කාර්යාංශයේ 24 පැය සේවාව 1989 ඔස්සේ ඇමතීමෙන් දැන ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya