මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත් වීමට නියමිත නීති විභාගයට පෙර නීති අධ්‍යාපනය සම්බන්ධ රීති පාර්ලිමේන්තුවට

    මාර්තු 21, 2023

    එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත් වීමට නියමිත නීති විභාගයට පෙර නීති අධ්‍යාපනය සම්බන්ධ රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද(21) ප්‍රකාශ කළේ ය.

    අද (21) විවාදයට ගැනීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති (276 අධිකාරය වූ) කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්වීරවංශ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නීති අධ්‍යාපනය කෙටුම්පත් කිරීම සිදු වන්නේ නීති අධ්‍යාපන සභාවෙන් බවයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ කිසිදු මැදිහත් වීමක් සිදු නොවන බව හෙතෙම සඳහන් කළේය.

    නීති අධ්‍යාපන කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ අග්‍රවිනිශ්ෂකාරතුමා. නීතිපතිවරයා, අධිකරණ ලේකම්වරයා ප්‍රමුඛ සභාවක් තමයි මෙම නීති රීති සකස් කර තිබෙන්නේ, එසේ නොමැතිව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 මගින් නොවේ. අග්‍රවිනිශ්ච කාරවරයාගේ සභාපතිත්වයෙන් තමා මෙම ගැසට් පත්‍රය සකස් කර තිබෙන්නේ. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ක්‍රියාපටිපාටිය සම්බන්ධ ගැටළුවක් තිබේ නම් කඩිනමින් එය නිවැරදි කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් වාද විවාද කිරීමට අවශ්‍ය නැහැ. බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳ තීන්දුවක් ගන්න ඉඩ ප්‍රස්ථාව ලබා දීමට තමයි අපි මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ''යැයි පැවසීය.

    මෙහිදී අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ,

    මේ සම්බන්ධයෙන් උපදේශක කාරක සභාවක් තිබුණා. එම උපදේශක කාරක සභාවේ පොදු මතය වූයේ මෙම දරුවන්ට මොනම හේතුවක් නිසාවත් මෙවර විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න කියලා කියන් න බැහැ. එය අනුමත කරන්නේ නැහැ.ඕනෑම කෙනෙකුට තමන්ගේ මව් භාෂාවෙන් කටයුතු කරන්න අයිතියක් තිබෙනවා.

    නීති අධ්‍යාපන සභා ආඥා පනතේ 7 වන වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා ගේ එකඟත්වය ඇතිව සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් සාදන ලද 2020 දෙසැම්බර් 30 දිනැති අංක 22 08/ 13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ 2023 මාර්තු 10 වන දින ඉදිරිපත් කරන ලද රීති අද පාර්ලිමේන්තුවේදී සම්මත නොවීය. .

    ඒ අනුව අද පෙරවරුවෙි ඡන්ද විමසීමක් පැවැත් වූ අරත, ඊට විපක්ෂව ඡන්ද 113 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විපක්ෂව ඡන්ද දෙනු ලැබූ අතර මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පමණක් ඊට පක්ෂව ඡන්දය දෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya