මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණඩාරවෙල, පුනාගල වත්තේ නායයාමෙන් විපතට පත්වුවන්ට කඩිනමින් සහන දීමට පියවර - අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්

    මාර්තු 20, 2023

    බණඩාරවෙල, පුනාගල, කඹරගල වත්තේ නායයාමෙන් විපතට පත් ව දැනට අවතැන්ව සිටින ජනතාව සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සැළැසීමට රජයේ අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදී ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය.

    කඹරගල වතුයායේ ඊයේ (19) සවස සිදු වු නායයාමෙන් නිවාස 40 ක් පමණ හානියට ලක්ව එහි පදිංචිව සිටි පවුල් 62 ක පුද්ගලයන් 220 කු අවතැන්ව සිටින අතර, නායයාමට හසුවීමෙන් පුද්ගලයන් 07 කු තුවාල ලබා කොස්ලන්ද හා දියතලාව යන රෝහල්වලට ප්‍රතිකාර ලබති.

    එමෙන්ම මෙම නායයාම පිළිබඳව සොයා බලා ඒ පිළිබදව සවීස්තර වාර්තාවක් තමාට ලබා දෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා කීය.

    එම ප්‍රදේශයේ නායයාමට ඉඩ ඇති වෙනත් ස්ථාන තිබේනම් එහි වෙසෙන ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමටද පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා වැඩිදුරටත් පැවැසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya