මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන හා ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක් නිර්මාණය වනු ඇත

    මාර්තු 14, 2023


    චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයට සුබපැතුම් පණිවුඩයන් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක් නිර්මාණය වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    ෂී ජින් පිං මහතාගේ පළපුරුදු නායකත්වය හමුවේ, චීනය බොහෝ අභියෝග ජයගෙන දැවැන්ත දියුණුවකට එළඹ ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා, එතුමාගේ තෙවන ධුර කාලය තුළ නිසැකයෙන්ම චීනයට නවමු දර්ශනයකට මඟ විවෘත කරනු ඇති බවට ද විශ්වාසය පළ කරයි.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, තෙවන වරටත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ධුරයට තේරි පත් වූ ෂී ජින් පිං මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති වරයා වෙත නිකුත් කළ සුබපැතුම් පණිවුඩය පහත පරිදි වේ.
    “මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස තුන්වන ධුර කාලයට තේරී පත්වීම වෙනුවෙන් මාගේත් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ උණුසුම් සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි.
    ඔබගේ පළපුරුදු නායකත්වය හමුවේ, චීනය බොහොමයක් අභියෝග ජයගෙන, දැවැන්ත දියුණුවකට එළඹ ඇත. ඔබගේ ජනාධිපති ධුරයේ තුන්වන ධුර කාලය නිසැකයෙන්ම චීනයට නවමු දර්ශනයකට මඟ විවෘත කරනු ඇතැයි මම විශ්වාස කරමි.
    ශ්‍රී ලංකාව සහ චීනය අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම්වූ සුවිශේෂී මිතුදම ශතවර්ෂ ගණනාවක් පුරා පවත්වා ගෙන යයි.
    විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය ඇතුළත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමේ දී චීන රජය විසින් ලබාදුන් නොසැලෙන සහයෝගය මම ඉතා අගය කොට සලකමි.
    ඔබගේ තුන්වන ධුර කාලය තුළදී දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය වී දෙරටේම ජනතාවට ප්‍රතිලාභ අත්පත් කර දීමට හැකි වනු ඇතැයි, මම තරයේම විශ්වාස කරමි.
    අතිගරු ජනාධිපති තුමනි, මහජන චීන සමූහාණ්ඩුවේ මිත්‍රශීලී ජනතාවට සෞභාග්‍යය සහ ඔබගේ තුන්වන ධුර කාලය සඳහා අවංක සුබ පැතුම් පිරිනමමි”

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya