මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ඉදිකිරීම් අතහැර දැමූ ගොඩනැගිලි නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්

    මාර්තු 14, 2023

    නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියද‍ා (10) පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව එම නිර්දේශ කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය. නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

     මෙහිදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ඉහළ වානිජ වටිනාකමක් සහිත කොළඹ භූමි ප්‍රදේශකයක ක්‍රිෂ්, හයට් හෝටලය වැනි ඉදිරිකිරීම් අතහැරදමා ඇති ගොඩනැගිලි මගින් විශාල අගතියක් සිදුවන බවයි. එබැවින් මේ පිළිබඳව කඩිනමින් පියවර ගැනීම සිදුකළ යුතු බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

    නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස මිලදී ගත් ජනතාවගෙන් එම වාරික අයකිරීමේ දී පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් යම් සහනදායි පිළිවෙතක් අනුගමනය කරන ලෙස නිලධාරීන්ට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. අධිකාරියේ මූල්‍ය අංශයට හානියක් නොවන ලෙස එම සහනදායි පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය සදහා යොදාගත හැකි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අදාළ ආයෝජකයන්ට නෛතික රාමුව තුළ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඉඩම්වල අයිතිය දෙපාර්තමේන්තුව සතුව තබා ගනිමින් සංචාරක කාර්මාන්තය සදහා තාවකාලික ඉදිකිරීම් සදහා ඉඩම් ලබා දීම අවශ්‍ය බවත් ඉන්දුනීසියාවේ බාලි දූපත් ඊට කදිම උදාහණයක් බවත් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග සම්බන්ධ වෙමින් ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගුණතිලක රාජපක්ෂ, ජගත් කුමාර සුමිත්‍රාරච්චි, මංජුලා දිසානායක සහ ජගත් සමරවික්‍රම යන මහත්ම මහත්මීහු මෙන්ම නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya