මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි තේරීපත්වෙයි

    මාර්තු 14, 2023

    ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පසුගියදා (09) තේරීපත් වූවාය.

    ශ්‍රී ලංකා- යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු ශ්‍රී ලංකා - යුරෝපා සංගම් මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරු වශයෙන් තේරී පත්වූහ.

    මෙහදී අදහස් දක්මවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ සිටියේ, දරිද්‍රතාවය අවම කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ප්‍රාදේශීය සංවර්ධනය, කෘෂිකර්මය, ජලය සම්පාදන සහ සෞඛ්‍ය ඇතුළු පුළුල් ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සඳහා 2014 සිට 2020 දක්වා කාලය තුළ යුරෝපාසංගමය ශ්‍රී ලංකාවට ප්‍රදානයන් ලබා දී ඇති බවයි. එසේම පසුගිය කොවිඩ් 19 අර්බුදය තුළ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳව ද කථානායකවරයා සිය ස්තූතිය පළ කළේය.

    මේ වසරේ මැයි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියාතික රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත පිරිස (DSAS) පිළිගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින බවද කථානායකවරයා මෙහිදී පැවසීය.

    ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි මහතා මෙහිදී ප්‍රකාශ කළේ, පසුගිය වසර 20 තුළ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ආපසු ගෙවීමේ සහ කොන්දේසි සහිත නීති නොමැතිව ප්‍රදාන වශයෙන් යුරෝ බිලියන 8 කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බවයි.

    ග්‍රාමීය සංවර්ධනය, සංහිදියාව සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වී ඇති බවත් හරිත ආර්ථිකයක් මෙන්ම සමාජ සංවර්ධනය ඇති කිරීමට තවදුරටත් සහාය වීමට මුදල් යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මවක් බව තමන් විශ්වාස කරන බවත් විවිධ අභියෝග මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ප්‍රශංසනීය බවත් තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    රැස්වීමේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා - යුරෝපා සංගම් මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

    අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya