අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ව හදාගැනීමට අමාරු තත්ත්වයක් ඇතිනම් අපට දන්වන්න-අපි ඉදිරිපත් වෙනවා - කාන්තා ළමා සමාජ සවිබල ගැන්වීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය

    මාර්තු 13, 2023

    දරුවන්ව හදාගැනීමට අමාරු තත්ත්වයක් ඇතිනම් හෝ ඔබේ දරුවාගේ ජීවන බර දැරිය නොහැකිනම්, ලෙඩ රෝග සඳහා බෙහෙත් හෝ ආහාර වර්ග අවැසිනම් මේ ආදී කාරනා වලදී කාන්තා ළමා අමාත්‍යංශයට දන්වන ලෙස කාන්තා ළමා සමාජ සවිබල ගැන්වීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව කියා සිටයේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සුරක්ෂිත දරු පරපුරක් සඳහා ළමා හිංසනය පිටුදකිමු යන මැයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    කාන්තා ළමා කටයුතු අමාත්‍යංශය භාරව කටයුතු කරන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාද මෙම කරුණ සම්බන්ධයෙන් අවධාරණය කර ඇතැයිද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් බොහොම ඕනෑකමකින් රජය ඉදිරිපත්වී කටයුතු කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම රටේ පවතින භයානකම තත්ත්වය වනුයේ සමාජය විසින් තනි මවකට දරුවෙකු සාදාගෙන ජීවත් වීමේ අයිතිය අහිමි කර තිබීම බවද සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරිය සමාජය බෙහෝ පහත් ලෙස එවැනි කාන්තාවන්ට සලකන බවද මෙම ආකල්පමය වෙනස වහාම ඇතිකරගත යුතු බවද අවධාරණය කළාය.

    එවැනි මවකට දරුවාට මාස ගණනක් වන තෙක් රැකියාවකට යාමට නොහැකි නම් රජය විසින් එම මාස ගණන යනතෙක් ඔවුන්ට ජීවත් වීමට අවැසි වාතාවරණය සදන බවද කියා සිටියාය. එවැනි අසීරුකම් ඇතිනම් වහාම දන්වන ලෙසද අසීරුතා ඇති ගර්භණී මවුවරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට සෑම මසකම රුපියල් 4500 බැගින් ගෙවන බවද සඳහන් කළාය.

    දරුවන් සඳහා උදෑසන ආහාර වේල 155,000ක් වූ දරුවන්ට ලබාදෙන බවද හැකි තරම් කාන්තාවන් දෙපයින් නගා සිටුවීමට ඔවුන්ගේ ස්වයං රැකියා ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පුහුණු අවස්ථා ලබාදෙමින් ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණයට කටයුතු කරන බවද බොහෝ කාන්තාවන් තමන්ගේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් නැතැයිද අමාත්‍යවරිය පැවසුවාය.

    වර්තමානයේ මාතෘත්වය ඉතා විශාල වශයෙන් අප සමාජයේ කඩා වැටීමකට ලක්ව ඇති බව මීට දින කිහිපයකට උඩදී දුම්රිය වැසැකිළියක බිළිඳියක දමායාගේ සිද්ධිය ඇතුළු සිද්ධි කිහිපයක් ගෙනහැර පාමින් පැහැදිලි කළ ගීතා කුමාරසිංහ මහත්මිය 1929 දුරකතන අංකය සෑම කාන්තාවක්ම ළඟ තබාගත යුතු බවද අවධාරණය කළාය.

    තාමට හෝ තම දරුවාට හෝ කිසියම් ප්‍රශ්නයක් වෙනවා නම් යමෙකුට සිය දරුවාව ළඟ තබාගැනීමට අසීරු යැයි සිතනවා නම් දරුවන්ගෙන් පළි නොගෙන එම දරුවන් රජයට භාරදෙන ලෙස ඉල්ලා සිටියාය. රජය විසින් එම දරුවාගේ සුරක්ෂිතභාවය රකිමින් එම දරුවන් හදාගැනීමට භාරගන්නා බවද පැවසුවාය. ඕනෑම දුරකතනයකින් නිර්ණාමිකව හෝ මෙමඅංකය අමතා තම අසල්වාසී නිවසක හෝ දරුවන් සම්බන්ධයෙන් වන ගැටලු කල්තියා දැන්විය හැකි බවද අමාත්‍යවරයි සඳහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya