අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට පියවර

    මාර්තු 13, 2023

    මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    චීන රජය මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන , අඟුනකොළපැලැස්ස ගොවි ජනතාවට නිකුත් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට පසුගියදා (11) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අගුනකොළපැලැස්ස ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා රැස්ව සිටි ගොවි ජනතාව හමු වූ අමාත්‍යවරයා ඔවුන්ගේ වගා කටයුතු පිළිබඳව කරුණු විමසනු ලැබීය.
    එහිදී මඩ පොහොර (TSP ) මෙම කන්නයේ දී රජය නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් ගොවීන් රජයටත්, අමාත්‍යවරයාටත් සිය කෘතඥතාවය පළ කර ඇත.

    මඩ පොහොර හෙක්ටෙයාර් 01කට කිලෝග්‍රෑම් 55ක් බැගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන අතර එම නිර්දේශ ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම බන්ඩි පොහොර මිල ඉහළ මට්ටමක තිබෙන බැවින් එම පොහොර මිල ද රුපියල් 10,000 දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ අමාත්‍ය වරයා මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා දුන් යුරියා පොහොර මිටියක මිල රුපියල් 7500- 9000ත් අතර මිලක් දක්වා අඩු කර ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ද කීය.
    මීට අමතරව හෙක්ටෙයාර් 01කට රුපියල් 10,000ක් බැගින් ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමේ කටයුතු යටතේ මේ වනවිට රුපියල් මිලියන 6500ක් බැර කර ඇති බවත්, තවත් රුපියල් මිලියන 1500ක් එම මුදල නොලැබුනු ගොවි ජනතාවට කඩිනමින් ලබා දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා ගොවි ජනතාවට පැවසීය.
    මෙම සහන සියල්ල ගොවි ජනතාවට රජය ලබා දෙන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම පහළ දැමීමටත්, ගොවි ජනතාව මෙන්ම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට යැයි ද හෙතෙම අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya