අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති යටතේ බලපෑමට ලක්වන 150කට නිවාස හිමිකම් සහතික

    මාර්තු 12, 2023

    කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති යටතේ බලපෑමට ලක් වන 150 දෙනෙකු සඳහා නිවාස හිමිකම් සහතික පිරිනැමේ.


    ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මඟින් සිදු කෙරෙන කැළණිවැලි දුම්රිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචිකරුවන් අතරින්, ව්‍යාපෘති හේතුවෙන් බලපෑමට ලක්වන පිරිස් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් නව නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මලිගාවත්ත "ලක් හිරු සෙවන" සහ "සියපත් සෙවන" මහල් නිවාස සංකීර්ණයන්හී නිවාස හිමිවන 150 දෙනකු සඳහා හිමිකම් ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    සීවලී පුර සිට නාරාහේන්පිට දක්වා ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙම නිවාස හිමිකම් පත්‍ර සුදුසුකම් ලබා තිබිණි.


    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,


    දිගු කලක් දුම්රිය රක්ෂිත ඉඩම් ආශ්‍රිතව අනවසර ලෙස ජීවත් වූ ජනතාවකට නිවාස හිමිකම ලබාදෙන අද දවස ඉතිහාසයේ ගමන්මග වෙනස් වන වැදගත් දිනයක්. අනවසරයෙන් දුම්රිය සතු ඉඩම් හා රක්ෂිතය පරිහරණය කරන ඕනෑම අයෙකු කිසිදු වගකීමකින් තොරව ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් අප වඩාත් මානව හිතවාදී ලෙස ක්‍රියා කරමින් දුම්රිය සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මෙම රක්ෂිත වල අනවසරයෙන් පදිංචිව සිටි ඔබ නවීන පහසුකම් සහිත සුව පහසු නිවසක හිමිකරුවන් බවට පත්කරන්නට කටයුතු කර තිබෙනවා.


    අතීතයේ මෙම ප්‍රදේශවල බොහෝ දෙනෙකුට සිය පදිංචි ස්ථානය රහසිගතව තබා ගැනීමට සිදු වුණා. නමුත් මේ නිවාස හිමිකමත් සමඟ අනාගත පරපුරට වඩා ගෞරවාන්විත ලෙස තමන්ගේ ම නිවසක ජීවත්වීමේ භාග්‍යය උදා වනවා.
    සංවර්ධන ක්‍රියාවලිය උදෙසා නාගරික ප්‍රදේශවල ඉඩම් යොදා ගැනීමේ දී විවිධාකාර ගැටලු වලට මුහුණ දීමට සිදු වුවත් කිසිදු ගැටුමකින්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකින් තොරව අනාගතය උදෙසා සිදුකෙරෙන මෙම සංවර්ධන ව්‍යාපෘතියට දායක වූ ඔබ සියලු දෙනාටම මගේ ගෞරවය පිරිනමනවා.ඊට දායක වූ වෙහෙස වූ රාජ්‍ය නිලධාරීන්ට ද ස්තුතිවන්ත වනවා.

     

    කැළණිවැලි දුම්රිය මාර්ගය විදුලිකරණය යටතේ ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිම මේ යටතේ සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් මරදාන සිට පාදුක්ක දක්වා වන දුම්රිය මාර්ග කොටසේ සංවර්ධන කටයුතු හේතුවෙන් බලපෑමට ලක්වන ඉදිකිරීම් 2117ක්‌ හඳුනාගෙන ඇති අතර නිවාස ඒකක ලබාදී ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉදිකිරීම් 1696ක්‌ හඳුනාගෙන ඇත.


    මෙලෙස දුම්රිය රක්ෂිතය භාවිතා භාවිතා කරන පදිංචි කරුවෙකු සඳහා නිවාස ඒකකයක්, උපාංග සවි කරගැනීම වෙනුවෙන් රුපියල් 10000.00ක්‌, ප්‍රවාහන වියදම් වෙනුවෙන් රුපියල් 10000.00ක්‌, විදුලි බල සම්බන්ධතාව වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබාදෙන ඇස්තමේන්තු පිරිවැය ලබා දීමට නියමිත වේ.


    මීට අමතරව ව්‍යාපාරික ස්ථානයක් නම් ඉදිකිරීම් සංවර්ධන වටිනාකම සහ ව්‍යාපාර ප්‍රතිස්ථාපනය සඳහා වන වන්දි මුදල ගෙවීමට නියමිත වේ.


    සමස්ත ව්‍යාපෘතිය උදෙසා කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් තුළ නිවාස ඒකක 1244ක්‌ සුදුසුකම් ලාභීන් වෙත ලබාදීමට නියමිත වන අතර මේ වන විට ඉන් නිවාස ඒකක 694ක්‌ ලබා දී ඇත. ඒ අතරින් නිවාස 538 ක නැවත පදිංචි කිරීම් මේ වන විට සිදුකර තිබේ. රුපියල් මිලියන 4ත් 5ත් අතර වටිනාකමින් යුතු නිවසක් තෝරාගත් පිරිස් වෙත හිමිවේ.


    හිමිකම්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා ඇතුළු නිලධාරින්, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ , නිවාස හිමිකම් ලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya