ජූනි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් අද සහ හෙට ප්‍රථම වරට රැස්වේ

    මාර්තු 08, 2023

    ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් අද (08) සහ හෙට (09) යන දෙදින ප්‍රථම වරට රැස් වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අනුව මෙම ආංශික අධීක්ෂණ කාරක සභා 8හි සභාපතිවරුන් මෙම පළමු රැස්වීම්වලදී පත්කිරීමට නියමිත බවත් ඉන් කාරක සභා 4ක සභාපතිවරුන් ආණ්ඩු පාර්ශ්වයෙන් පත්කිරීමටත් කාරක සභා 4ක සභාපතිවරුන් විරුද්ධ පාර්ශ්වයෙන් පත්කිරීමටත් නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    පසුගියදා ආංශික අධීක්ෂණ කාරක සභා 17ක නම්, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළ අතර ඉන් පහත කාරක සභා 8 හෙට සහ අනිද්දා යන දෙදින තුළ මේ අනුව රැස්වීමට නියමිතව තිබේ.

    1. ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)
    2. ප්‍රතිසංධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)
    3. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)
    4. පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)
    5. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 11)
    6. භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)
    7. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 9)
    8. බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 11)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya