නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කනකසන්තුරය සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට උපදෙස්

    මැයි 31, 2024

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට නිකුත් කරන ලද නිවේදනය ලිහිල් කොට කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස  ආපධා කළමනාකරණ  මධ්‍යස්ථානය ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත.

    සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.මේ හේතුවෙන් කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත. එසේම පවතින සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු කරන ලබන පිරිස් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.
    කල්පිටිය සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 2.5 දිට මීටර් 3.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

    එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇත.දිවයින වට පවතින සුළං තත්වය සළකා බලනව විට තවදුරටත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 50-60 ක පමණ තද සුළං පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ‍

    දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් නිසා මේ වන විටත් පුද්ගල මරණ 08 ක් වාර්තා වන අතර දැඩි සුළං පවතින අවස්ථාවල දී ජීවිත සහ දේපළ සුරක්ෂීත කර ගැනීම සදහා වු ක්‍රියාමාර්ග ගැනීමත් අවදානම් සහිත ගස් ආසන්නයේ සිටීම, වාහන නැවැත්වීමෙන් වැළකි සීටීම මෙන්ම නිවාස ආසන්නයේ ඇති අවදානම් සහිත ගස් ඉවත් කිරීම හෝ අවදානම් සහිත අතු කපා දැමීම සදහා කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින මෝසම් වර්ෂාව සමග ඇතිවිය හැකි ආපදා හානි අවම කරගැනීම සදහා අවධානය යොමු කිරීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර යම් ආපදා තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයට අමතන මෙන් තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya