සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සහ සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම සිදු විය.
මෙම නව දෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියරේ වැඩ කටයුතු 2016 වසරේ ආරම්භ කර ඇත. ශල්‍යාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය සහ සායන වලින් මෙන්ම නවීන තාක්ෂණික උපකරණ වලින් ද යුක්ත වන අතර, සබරගමු පළාත් සභා අරමුදල් සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුවේ ප්‍රතිපාදන මත ඉදිකිරිම් සිදු කර ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කිතුල්ගල රෝහල මුලික රෝහල “සී” කාණ්ඩයට ඇතුලත් කිරීමට කටයුතු කරන ලෙස කළ ඉල්ලීම පිළිබදව අවධානය යොමු කරමින් කිතුල්ගල රෝහල මුලික රෝහල් කිරීමට ඉදිරියේ දී කටයුතු සිදු කරන බවයි. ලෝකයේ රටවල් 200 ක් අතරින් විශිෂ්ඨතම සෞඛ්‍ය සේවාව සපයන රටක් ලෙස මෙරට සෞඛ්‍ය සේවාව පත්ව ඇති බවත්, සෞඛ්‍ය දර්ශක අතින් තවත් ඉදිරි ගමනක් යා යුතුව ඇති බව ද පැවැසීය.
සබරගමුව පළාතේ, කොළඹ - හැටන් මාර්ගයේ දුෂ්කර ප්‍රදේශයක් වන කිතුල්ගල ප්‍රදේශයේ අක්කර 15 ක භූමි භාගයක මෙම රෝහල පිහිටා ඇත. කරවනැල්ල රෝහලට කිලෝමීටර් 25 ක් පමණ සහ ගිනිගත්හේන රෝහලට කිලෝමිටර් 20 ක් පමණ දුරින් මෙම රෝහල පිහිටා ඇත. වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා සුවිශාල මෙහෙයක් සිදු කරනු ලබයි. සංචාරක ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද කිතුල්ගල පත්ව ඇත. මෙම රෝහලේ බාහිර රොගී අංශයට මධ්‍යම පළාත, ගිණිගත්හේන, ලක්ෂපාන යන ප්‍රදේශවලින් දිනකට 200 පමණ ජනතාවක් සෞඛ්‍ය සේවා ලබා ගැනීම සදහා පැමිණෙන අතර, වසරකට 2000 කට ආසන්න පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබාගනී. ඉදිරියේ දී මෙම රෝහල මගින් බටහිර වෛද්‍ය මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සේවා ලබාදීමට ද අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, විදේශ කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලේකම් එස්.එල්.ඒ සුජීවා බෝධිමාන්න, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර, කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී නිදර්ශනී, කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය පී.එච්.එම්.බී .කේ හේරත් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.