අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති ශ්‍රී ලංකා රජයට, නිදහස් දිනට සුභපතයි!

    පෙබරවාරි 04, 2023

    75 වන නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට, රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පැතුම් එක් කළ බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඒ අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 75ක් 2023 වසරේ දී සනිටුහන් වන බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙරට අතර සමීප ඓතිහාසික බැඳීමක්, භූගෝලීය සමීපත්වයක් සහ සංස්කෘතික සබැඳියාවක් පවතින බව ද සඳහන් කර ඇත.

    එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවේ සහයෝගය ඉන්දීය අගමැතිවරයා මෙහි දී අවධාරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya