අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් දින උළෙල ඇරඹේ

    පෙබරවාරි 04, 2023


    75 වන ජාතික නිදහස් සැමරුම් පෙළපාලිය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ ගාලු මුවදොරදී ආරම්භ විය.


    පෙරවරු 08.15 ට පමණ ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූ අතර මඟුල් බෙර වාදන මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ධජය නැංවූ අතර ,පාසල් සිසු සිසුවියන් 105දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජාතික ගීය ගායනා කළහ.

    ඉන්පසු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන ගියේය..පාසල් ශිෂ්‍යාවන් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථා ගායනා  කළහ. අනතුරුව නිදහස් දින උළෙලේ පෙළපාලිය ආරම්භ විය.


    මෙවර නිදහස් උළෙල අභිමානවත්ව සැමරීම සඳහා ,යුධ, ගුවන්, නාවික, පොලිස් විශේෂ බලකාය,විශ්‍රාමික රණ විරුවන් සහ විවිධ අවශ්‍යතා ඇති භට පිරිස් 6410ක සහභාගී විය‍  වාහන 108ක රථ පෙළපාලිය නිදහස් දින උළෙල තවත් අලංකාර කළේය.

    අදින් ඇරඹෙන 75 වන නිදහස් දින සැමරුමත් සමග, රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන්මඟ  සඳහා වන  ඉදිරි වසර 25 සඳහා වූ සැලැස්ම ද ක්‍රියාවට නැංවේ. ජනාධිපතිවරයා  විසින් ජාතිය අමතමින් සිදු කරන කථාන උත්සවය පවත්වන අවස්ථාවේ සිදු නොකළ අතර එම කතාව අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya