අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9 සහ 10 දෙදින - පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරේ

    පෙබරවාරි 04, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදින පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (03) පස්වරුවේ පැවතී පක්ෂ නායක රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

    මේ අනුව ලබන 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී පාර්ලිමේන්තුවට යථාපරිදි ඉදිරිපත්කර තිබූ යෝජනා 51 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

    අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප.ව 5.00 දක්වා පැවැත්වෙනු ඇත. ඉන්පසු පෙබරවාරි 10 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.
    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරු ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූ බවද ඒ මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya