අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    75 වැනි නිදහස් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුමක්

    පෙබරවාරි 04, 2023

    75 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය නිමිත්තෙන් පෙබරවාර මස (4) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රථවාහන , රොෂාන් විජේසිංහ මහතා පැවසීය.

    එළඹෙන පෙබරවාරි 04 දිනට යෙදෙන නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම් හා මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රොෂාන් විජේසිංහ මහතා මේ බව පැවසීය.

     අද පැවැත්වීමට නියමිත නිදහස් උත්සවය අවසන් වන තුරු ගාලු පාර, බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මෝදර වටරවුම දක්වා උත්සවයෙ පැවැත්වෙන කොටසේ මාර්ගය වසා තැබේ.

    උත්සවය පැවැත්වෙන  (4) උදෑසන 5.00 සිට උත්සවය අවසන් වන තෙක් බම්බලපිටිය දුම්රිය පල හන්දියේ සිට මුහුදු මාවත කොටස මාර්ගය වසා තැබේ. මාර්ග වසා තැබෙන එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට , ව්‍යාපාරික ස්ථානවලට, කාර්යාලවල සේවක පිරිසට කිසිදු බාධාවක් නොවන පදිරි රථවහන ගමනාගමනය සීමා කර ඇති බවද රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

    මෙම ප්‍රදේශ වල පදිංචිකරුවන් සහ ගුවන් තොටුපළ,රෝහලකට වැනි විශේෂ කාර්යයක් සඳහා යන මහජනයා වෙනුවෙන් විශේෂ අවධානය යොමු කර කටයුතු කර ඇති බවත් මහජනතාවට අවහිරයක් නොවන පරිදි මෙම කටයුතු සංවිධානය කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    උත්සවය පැවැත්වෙන කාල සීමාව පුරා, ප්‍රභූවරුන් සහ මහජනතාව වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බවත්, එහෙත් යම් යම් හඳුනාගැනීම් සහ පරීක්ෂා කිරීම් සඳහා සහාය ලබා දෙන්නැයි ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya