අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    75 වන නිදහස් උළෙලට ත්‍රිවිධ හමුදාවෙන් 6410 ක්

    පෙබරවාරි 04, 2023

    75 වන නිදහස් උළෙල අභිමානවත්ව සැමරීම සඳහා ,යුධ, ගුවන්, නාවික, පොලිස් විශේෂ බලකාය,විශ්‍රාමික රණ විරුවන් සහ විවිධ අවශ්‍යතා ඇති භට පිරිස් 6410ක සහභාගී වන බව , ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධ්‍යක්ෂ,පිරිස් පාලන බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු මහතා පැවසීය.

    75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙළේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් බ්‍රිෙග්ඩියර්වරයා මේ බව පැවසීය.

    මෙවර නිදහස් උළෙල සඳහා වාහන 108ක රථ පෙළපාලියක් පැවැත් වේ.

    75 වන නිදහස් උළෙලට සමගාමීව ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති බවද එය මෙවර නිදහස් උළෙල හා සම්බන්ධ විශේෂ සිදුවීමක් බවද හෙතෙමෙ සඳහන් කළේය.

    පසුගිය දින හතරේ පැවති පෙර පුහුණුවීම් සඳහා සිවිල් ජනතාවගෙන් විශේෂ සහයෝගයක් ලැබුණු බවද ඉදිරි දින දෙකේද 75 වන නිදහස් උළෙල සාර්ථක කර ගැනීම සඳහා එම සහයෝගය ලබා දෙන්නැයි ද හෙතෙම ඉල්ලා සිිටියේය.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පරිපාලන අධ්‍යක්ෂ කොමදෝරු ධම්මික උඩුගම මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මෙවර නිදහස් උළෙල සඳහා නාවික හමුදා බල ගණ 07ක් සහභාගී වන බවයි. සමස්තයක් වශයෙන් නිලධාරින් 58ක් ඇතුළු නාවික බට පිරිස් 1001 මෙවර පෙළපාලිය සඳහා සහභාගී වේ. ගාලු මුවදොර මුහුදු තීරයේ විශේෂ නෞකා 03ක් නැංගුරම්ලා තිබෙන අතර, දහවල් 12.00ට ජාතිය වෙනුවෙන් පැවැත් වෙන ආචාර වෙඩි මුර 25 පැවැත් වෙන බව ද හෙතෙම පැවසීය.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් ගුණවර්ධන මහතා පැවසුවේ, ගුවන් හමුදාවේ සියළුම අංශ නියෝජනය කරමින් ගුවන් හමුදා සෙබළුන් 650 දෙනෙක් සහ සන්නද්ධ රථ 27ක් නිහදස් දින පෙළපාලිය සඳහා සහභාගී වන බවයි. ගුවන් සංදර්ශනය සඳහා ගුවන් යානා 14ක් යොදාගෙන තිබේ. සාම්ප්‍රදායික පැරෂුට් සංදර්ශනය උත්සවය අවසානයේ පැවැත් වෙන අතර ඒ සඳහා බට පිරිස් 40ක් පමණ සහභාගී වේ.

    ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් බල ඇණි 04ක් එක් වෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.
    පොලිස් විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිතය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya