අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “Slave Island” වහල් දූපත නාමය, තවදුරටත් නැත

    පෙබරවාරි 04, 2023
     
    මෙතෙක් ඉංග්රීසි භාෂාවෙන් Slave Island ලෙස හැඳින්වූ ප්රදේශය, මෙරට භාවිත වන ප්රධාන භාෂා තුනෙන් ම කොම්පඤ්ඤ වීදිය ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, අග්රාමාත්ය ලේකම්වරයා, රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්යාංශයේ ලේකම්, තැපැල්පතිවරයා සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරයා දැනුවත් කර ඇත.

     

    නිදහසේ 75 වන සමරුවට සමගාමීව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මෙම තීරණය ගෙන ඇත.
     
    ඒ අනුව, කොළඹ 2, කොම්පඤ්ඤ වීදිය හා සම්බන්ධ මාර්ග සංඥා, තැපැල් භාවිතය, තක්සේරු කිරීම් සහ ඡන්ද හිමි නාම ලේඛන ආදී සියල්ල, යටත් විජිත සමයේ භාවිත වූ Slave Island යන නාමකරණයෙන් ඉවත් කර, සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂාවලින් කොම්පඤ්ඤ වීදිය ලෙස නම් කෙරේ.
     
    "Slave Island" යන නම බ්රිතාන්ය යටත් විජිත පාලන සමයේදී නිර්මාණය කරන ලද අතර, එය පෘතුගීසි පාලනය යටතේ අප්රිකානු වහලුන් සඳහා රැඳවුම් ප්රදේශයක් ලෙස භාවිතා කිරීම ගැන සඳහනක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya