අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''නිදහස'' මනුෂ්‍යයාට තම අභිමතය පරිදි යහපත් ජීවිතයක් ගතකිරීමට අවැසි පරිසරයයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක.

    පෙබරවාරි 04, 2023

    නිදහස යනු මනුෂ්‍යයාට තම අභිමතය පරිදි යහපත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය පරිසරය බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක, හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පාසල් ළමුන් සඳහා පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.

    ලොව විශිෂ්ඨ ගණයේ දාර්ශනිකයන් විසින් නිදහස සම්බන්ධයෙන් අර්ථකතන දහස් ගණනක් ඉදිරිපත් කර ඇතැයිද ඉන්දියාවේ නිදහස් සටන් ව්‍යාපාරයේ ප්‍රම්ඛයා වූ මහත්මා ගාන්ධි පවසන පරිදි නිදහස අවශ්‍ය වන්නේ සිය පෞර්ෂත්වයේ පූර්ණ විකසිතභාවය සඳහා බවද කියා සිටියේය.

    අප සැමට අනන්‍ය වූ හැකියාවන්, ලක්ෂණ සහ චින්තනයන් පවතින බවද එය ප්‍රකාශ වීමට නම් නිදහස අවැසි බවද කියාසිටි මොහාන් සමරනායක මහතා, මෙම අදහසම 1947 වසරේ ඉන්දියාව ස්වාධීන රාජ්‍යයක් වී මධ්‍යම රාත්‍රියේදී ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු සිදුකළ “ඉරණම උරගාබැලීමක්” කතාවේදී ප්‍රකාශ කළ බව පැවසුවේය.

    ජාතියකට ජනතාවකට නිදහස අවශ්‍ය වන්නේ මනුෂ්‍යයාට නෛසර්ගිකව උපතින්ම හිමිවී ඇති අභිමතය, අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන, පුබුදු කරගෙන සතුට අත්කර ගැනීම සඳහා බව නේරු සිය කතාව තුළ පැවසූ බව අවධාරණය කළේය.

    1774 ජූලි මාසයේ ඇමරිකාවේ ෆිලඩෙල්ප්‍රියා ප්‍රාන්තයේ සම්මත කෙරුණු ඇමරිකානු නිදහස් ප්‍රකාශයේ පළමු වාක්‍යයේ මනුෂ්‍යයාට ඔහුගේ මැවුම්කරුවා විසින් ප්‍රධානය කර ඇති අභිමානය ගෞරවය රැකගනිමින් අයිතිවාසිකම් භුක්ති විඳිමින් සතුට සොයා යාමට නිදහස අවශ්‍ය වන බව සටහන්ව ඇති බවද ඔහු පැවසුවේය.

    නිදහස ඇති පුද්ගලයාට, ජාතියකට තමන්ට අභිමත ආකාරයේ දේශපාලන සමාජ රටාවක් ගොඩනගා ගැනීමට හැකි බවද එම නිදහස, ඉඩ ප්‍රස්ථාව ජාතියකට අහිමි වුවහොත් එම ජාතිය පරාධීන, බංකොලොත් සහ පරිහානියට ගමන් කරනා ජාතියක් වීම වැළැක්විය නොහැකි යැයිද මොහාන් සමරනායක මහතා අවධාරණය කළේය.

    මෙරට උදාවූ නිදහසට ඒළඹෙන පෙබරවාරි 04 වනදාට හැත්තෑ පස් වසරක් සපිරෙන බවද මෙරට නිදහස ලැබීමට රටෙන් පැනනැගුණු නිදහස් ව්‍යාපාරය හේතු වුණු අතරම නිදහස් ව්‍යාපාරයේ නායකයන්, විවිධ ජන කොටස්, සිංහල, දමිළ, මුස්ලිම් ජාතීන්ගේ නායකයන් සුවිශාල කාර්යභාරයක් සිදුකළ බවද කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya