අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක පිළිකා දිනය අදයි - සත්කාරයේ හිදැස පුරවමු

    පෙබරවාරි 04, 2023

    ලෝක පිළිකා දිනය අදයි - සත්කාරයේ හිදැස පුරවමු

     

    පිළිකාව සම්බන්ධයෙන් අදටත් බොහෝ දෙනෙකු තුළ පවතින්නේ බියක්... එයට හේතු වෙන්නේ පිළිකා රෝගීන් බහුතරයකට අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවන නිසා. පිළිකාව කල්තියා හඳුනාගත හොත් මර්දනය කළ හැකි රෝගයක්.

    ලෝක පිළිකා මර්දන දිනය 2023 පෙබරවාරි 04 වනදාට යෙදී තියෙනවා. මෙවර ලෝක පිළිකා මර්දන දිනයේ තේමාව “සත්කාරයේ හිදැස පුරවමු” “Close the Gap” යන්නයි. නවතම දත්ත අනූව 2020දී ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 20ක් පමණ අලුතෙන් හඳුනාගෙන තියෙනවා. පිළිකා හේතුවෙන් වසරකට මිලියන 10ක් පමණ රෝගීන් මියයනවා. මීළඟ වසර 20 තුළදී ලොව පිළිකා රෝගීන් ගණන මිලියන 28.5 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි. පිළිකා සත්කාරයේ අඩු ලුහුඬුකම් නැතිකිරීම මෙන්ම පිළිකා පිළිබඳ දැනුම්වත් බව වැඩි කිරීම සඳහාත් පිළිකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳක්‍රමෝපායන් වැඩිදියුණු කිරීම සඳහාත් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වී ඇත.

    පිළිකා රෝගය හේතුවෙන් රෝගියා පමණක් නොව අන් සෑම පුද්ගලයෙක්ම කුමන අයුරකින් හෝ පීඩාවට පත්විය හැක. එමෙන්ම පිළිකා රෝගය හේතුවෙන් පුද්ගල මට්ටමෙන්, පවුල් මට්ටමෙන් හා ප්‍රජා මට්ටමෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල අවම කිරීම සඳහා කටයුතු කිරීමේ හැකියාවක් සියලු දෙනාම සතුව ඇත.

    සෑම වසරකම පෙබරවාරි 04 වන දිනය ලෝකපිළිකා දිනය ලෙස නම්කර සියලු දෙනා තුළම පිළිකා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට පියවර ගෙන තිබේ. එහි අරමුණ වන්නේ වළක්වාගත හැකි පිළිකා හේතුවෙන් මියයන මිලියන ගණනක් ජීවිත සුරැකීමට රාජ්‍ය මට්ටමෙන් මෙන්ම පුද්ගලික මට්ටමෙන්ද ක්‍රියාත්මක වී පිළිකා සත්කාරයේ අඩු ලුහුඬුකම් අවම කිරීම හා දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

    මෙවර තේමාවට අනූව මෙම වසරේ ලෝක පිළිකා දිනය සැමරීමේ මූලික අරමුණ වන්නේ පිළිකා සත්කාරයේ අඩු ලුහුඬුකම් හඳුනාගෙන අදාල පරිදි ඒ සඳහා නිසි පියවර ගැනීමයි. මෙම වසරේ තේමාව ක්‍රියාවට නැංවීම සඳහා ජාතික පිළිකා මර්දන වැඩසටහන සියලුම සෞඛ්‍ය සේවා ආයතන , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රෝහල් යනාදියෙහි නිර්දේශ පිළිකා මර්දනය හා වළක්වාගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සේවාස්ථ පුහුණු වැඩසටහන් සහ පිළිකා මර්දනය හා වළක්වා ගැනීම සඳහා ප්‍රජාව දැනුම්වත්කිරීමේ වැඩසටහන් ආයතන හා දිස්ත්‍රික් මට්ටමෙන් 2023 පෙබරවාරි මාසය තුළ පවත්වන ලෙස උපදෙස් දී කටයුතු සලසා ඇත.

    පිළිකා පිළිබඳව දැනුම්වත් වී පිළිකා මර්දනයට දායක වෙමු...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya