අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහුකාර්ය දෙපාර්තමේන්තු සේවකයින් 31000ක් අත්‍යාවශ්‍ය රාජ්‍ය ආයතනවලට

    ජනවාරි 25, 2023

    අසාධාරණයට ලක්ව සිටින බහු කාර්ය දෙපාර්තමේන්තු සේවකයින් 31000ක් අත්‍යාවශ්‍ය රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බහු කාර්ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ නිලධාරීන් අතර (23) එම අමාත්‍යංශයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමට ය.

     

    අඩු ආදායම්ලාභී පවුල් වල අටවන ශ්‍රේණිය සමත් නමුත් සාමන්‍ය පෙළ අසමත් පුද්ගලයින් සඳහා රජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා දීමට පසුගිය වකවානුවේ රජය ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව බඳවාගත් 31 000 පමණ වන පිරිසට සාධාරණයක් ඉටු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරෙයි.

     

    මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ වසර දෙකක පමණ කාලයක් තිස්සේ මෙම සේවකයින් පුහුණු වන්නන් ලෙසින් කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් මොවුන් වෙනත් රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීම සඳහා වන කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදි. එමෙන්ම මොවුන් කඩිනමින් ස්ථීර කිරීම සදහා වන කටයුතු සැලසුම් කරන ලෙසද අමාත්‍යංශ නිලධාරීන් වෙත අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර ඒ සඳහා වන අනුමැතිය ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

     

    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, බහු කාර්ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි, අමාත්‍යංශ අතිරේක ලේකම් රංජිත් අශෝක,ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්.ආලෝකබණ්ඩාර, යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya