මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු දුම්රිය මාර්ග යළි සකස් කරනවා - කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජනවාරි 24, 2023

    මෙරට සියලුම දුම්රිය මාර්ග යළි සකස් කෙරෙන බවත් ඉදිරියේ දී දුම්රිය මාර්ග පද්ධතියට විදුලි දුම්රිය මාර්ග ද එකතු කරන බවත් ඊට වසරක ලබාදෙන ලෙසත් කැාබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නිරන්තරයෙන් සිදුවන දුම්රිය පීළි පැනීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදුකළ විමසීමකට ප්‍රතිචාර වශයෙනි.

    මෙම දුම්රියමාර්ගයන්හි පීළි දීර්ඝ කාලයකින් නැවත යොදවා හෝ අලුත්වැඩියා කර නොමැති බවද සාමාන්‍යයෙන් ඕනෑම දුම්රිය මාර්ගයක පීළි වර්ෂ 10කින් හෝ 20කින් මාරු කළ යුතු අතර මුහුදුබඩ දුම්රිය මාර්ග වල පීළි වර්ෂ 05න් 05ට මාරුකළ යුතු බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    දෙපාර්තමේන්තුවක් ලෙස කටයුතු කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් හදිසි මිලදීගැනීම් සිදුකිරීම සංස්ථා වලට සාපේක්ෂව අසීරු බව කියාසිටි අමාත්‍යවරයා නුදුරේදීම රේල් පීළි 10,000ක් ආනයනය කිරීමට බලාපොරොත්තුවන බවද සඳහන් කළේය.

    කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා විදුලි දුම්රිය මාර්ගයක් බවට දිය හැකි අනුග්‍රහය, තාක්ෂණික සහයෝගය සහ ක්‍රමවේදයන් ද දුම්රිය සංවර්ධනය සඳහා කටයුතු කිරීමටද ඉන්දියානු විදේශ අමාත්‍යතුමාට තමා පුද්ගලිකව යෝජනාවක් වශයෙන් ලබාදුන් බවද අමාත්‍යවරයා පැවසීය.

    ඉතා විශාල වශයෙන් අබලන් වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා රුපියල් කෝටි 3600ක වියදමෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පීළි සම්පූර්ණයෙන් ගලවා දුම්රිය මාර්ගය අලුතින් සකස් කිරීමට කටයුතු කරන බවද එතෙක් වේග සීමාව 20, 30 ලෙස ඉංජිනේරුවන් විසින් සටහන් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය. රියදුරන් එම වේගසීමා නොතකා කටයුතු කළහොත් ඔවුන්ට විනයානුකූලව කටයුතු කරන බවද මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙලෙස වේග සීමා පනවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    නව බඳවාගැනීම් සිදුනොකරන අතර දැනට බහුකාර්ය සේවය සඳහා බඳවාගත් පිරිසෙන් 3000 ක් දුම්රිය කම්කරුවන් වශයෙන් දුම්රිය සේවයට බඳවා ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya