මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුලාතිස ස්තූපයේ කැණීම්වලින් තවත් ‌ඓතිහාසික පුරාවස්තූ සොයා ගැනේ

    දෙසැම්බර් 26, 2022

    මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම(ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ කැණීම්වලින් තවත් ‌ඓතිහාසික පුරාවස්තූන් සොයා ගෙන තිබේ.

    බොහෝ කාලයක් කිසිවකුගේ අවධානයට යොමු නොවූ මිහින්තලේ අනුලාතිස ස්තූපය ඇතුළු එම ඓතිහාසික පූජා භූමිය කැණීම් සිදු කර සංරක්ෂණය කිරීම සඳහා පසුගිය වසරේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අවධානය යොමු විය.

    අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කැණීම් සිදුකොට සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන මෙම ඓතිහාසික පූජා භූමිය පිළිබඳව ඉන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

    මෙම ‌ඓතිහාසික පූජා භූමියේ ආරම්භ කරන ලද කැණීම්වලින් පසුගිය දා (23) ‌තවත් ඓතිහාසික පුරාවස්තූන් රැසක් හමුවිය.

    මේ වන විට ස්තූපයේ අවසන් අදියරේ කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර මීට ඉහත දී පළිඟු කරඩුවක කොටස් ද, ශිලා මංජුසාවක් ද, විවිධ ප්‍රමාණයේ, වර්ගයේ විවිධ වර්ණ‌යෙන් යුත් විවිධ හැඩයෙන් යුත් පබළු වර්ගද හමු වි ඇත.

    මිහින්තලය අනුලාතිස ස්තූපයේ ගර්භයේ අනවසර කැණීම් කරුවන් හාරා විනාශ කර තිබී හමුවු අතුරු ගර්භ කුටීර තුළ, පසුගිය 23 වන දින කළ කැණීම් තුළින්, මැටි මංජුසා හමු වූ අතර එම මැටි බදුන් වල තිබී ලෝහමය ආභරණ හා පබලු වර්ග හා පුලුස්සන ලද අස්ති කැබලි (සමහර විට රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ) යන ‌ඓතිහාසික වස්තූන් ද හමුවී තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya