මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සුරක්ෂිතතා දිනය අද

    දෙසැම්බර් 26, 2022

    ජාතික සුරක්ෂිතතා දිනය අදට යෙදි තිබේ.

     

    සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ලක් ව මියගිය පුද්ගලයන් සිහි කිරීම වෙනුවෙන් දෙසැම්බර් මස 26 වැනි දින පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක යෙදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

     

    සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ලගා වූ යේ භුමි කම්පාව සිදුවී පැය 01 කුත් විනාඩි 32කට පසු විය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් සුනාමි ආපදාවට ගොදුරු වු අතර සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වේ. තවත් 5000 ක් පමණ අතුරුදන් විය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 34 ක පවුල් 235,145 ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය. සිදු වූ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිමහත් විය.

     

    ඒ අනුව 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට 2014 වසර වන තෙක් අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස දේශපාලන නායකත්වයේ ද සහභාගිත්වයෙන් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය ජනතා සහභාගිත්වයකින් සිදුකරන ලදි.

     

    2015 වර්ෂයේ සිට 2019 වර්ෂය තෙක් රටේ පැවති ආර්ථික සමාජීය තත්වයන් සැලකිල්ලට ගෙන ජාතික උත්සවයක් පැවැත්වීම වෙනුවට දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ජනතා සහභාගිත්වයෙන් යුතුව දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් “ජාතික සුරක්ෂිත” දින වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

     

    මෙවර දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආරක්ෂක ලේකම්තුමා ඇතුලු රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජා සහභාගිත්වයෙන් පැවැත්වැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට මහජනතාව දැනුවත් කිරීමටත් ගාල්ල ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වීමටත් නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya