මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල සුපරීක්ෂක කමිටු

    දෙසැම්බර් 25, 2022

    පාසල් ළමුන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල ජනවාරි පළමුවෙනිදා සිට සුපරීක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කෙරේ.

    දැනට එම සුපරීක්ෂක කමිටු පිහිටුවා නොමැති පාසල්වල එම කමිටු පිහිටුවීම දෙසැම්බර් 31 වෙනිදාට පෙර අවසන් කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (21) ගම්පහ අධ්‍යාපන බළධාරීන්ට හා පොලිසියට උපදෙස් දුන්නේය.

    ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද උදෑසන ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදි අද (21) පැවැත්විණි. එහිදී ඇමතිවරයා ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් සහ පොලිසියෙන් විමසා සිටියේ මීට පෙර ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දි ගත් තීරණයකට අනුව ගම්පහ පාසල් වල මත්ද්‍රව්‍ය නිවාරණ සුපරීක්ෂක කමිටු පිහිටුවා අවසන් ද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ එම සුපරීක්ෂක කමිටු පිහිටුවමින් සිටින බවයි. ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයා මෙහි දි සඳහන් කළේ මිනුවන්ගොඩ කළාපයේ හැර ගම්පහ අනෙකුත් අධ්‍යාපන කළාපවල මෙම කමිටු පිහිටුවෙමින් තිබෙන බවත් ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මෙය කල් දැමිය නොහැකි කටයුත්තක් බැවින් එය කඩිනමින් අවසන් විය යුතු බවයි.

    දිනෙන් දිනම පාසල් ආශ්‍රිත ව මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙමින් පවතින බවත්, එය ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාවාරම අවසන් වීමට පියවර ගත යුතුව ඇතැයි කීවේය. ඒ සඳහා පොලීසියටඅවශ්‍ය බලතල ලබා දී තිබේ. සුපරීක්ෂක කමිටු පිහිටුවනු ලබන්නේ අදාළ පාසල හා ඒ අවට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහායි. මෙම සුපරීක්ෂක කමිටු ක්‍රමය මීට පෙර බස්නාහිර පළාතේ සියලුම පාසල් වල ක්‍රියාත්මක විය. ඒ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ දීයි. මෙම වැඩපිළිවෙල හේතුවෙන් පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම අවම කර ගැනීමට හැකි වූ බව ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ පළාත් පාලන නියෝජිතයන් ඉල්ලා සිටියේ මුලින්ම අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන පාසල් වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ නමවෙනි පන්තියෙන් ඉහළ පන්ති පැවැත්වෙන සියලුම පාසල් වල මෙම සුපරීක්ෂක කමිටු පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි.

    ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා මෙහිදි පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති සඳහා සති අන්තයේ එක් දිනකට 15,000 කට ආසන්න පිරිසක් ගම්පහ නගරයට පැමිණෙන බවයි. ඔවුන්ට මෙම ජාවාරමට හසු කර ගැනීම සඳහා විවධ කල්ලි සහ කණ්ඩායම් ක්‍රියාත්මක බව පෙන්වා දුන් නගරාධිපතිවරයා ගම්පහ නගරය ආශ්‍රිතව ද මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පොලිසියට උපදෙස් දුන්නේ ගම්පහ උපකාරක පන්ති ආශ්‍රිතව ද මත්ද්‍රව්‍ය නිවාරණ සුපරීක්ෂක කමිටු පිහිටුවීමට කටයුතු කරන ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya