මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ වර්ග කිහිපයක හිඟය සමස්ත ඖෂධ හිඟයක් ලෙස හුවා දැක්වීමට ඇතමුන් ක්‍රියාකරනවා - ඇමති ප්‍රසන්න රණතුංග

    දෙසැම්බර් 24, 2022

    බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග බාහිරින් මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිවේ.

    පසුගිය (22) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත් අදහස් පළකරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මේ සඳහා අවශ්‍ය අනුමැතිය රජය ලබාදී ඇති බවයි.

    රටපුරා ඖෂධ වර්ග කිහිපයක හිඟයක් පැවතියත් එය සමස්ත ඖෂධ හිඟයක් ලෙස හුවා දැක්වීමට ඇතැමුන් ක්‍රියාකරන බවත් ඔහු සඳහන් කළේය. ඖෂධ මිල ඉහළ යෑමට රටතුළ ක්‍රියාත්මක ඖෂධ මාෆියාව හේතුවී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.


    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (22) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී මාධ්‍ය වේදීන් නැඟූ ප්‍රශ්නවලට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

    ප්‍රශ්නය - ගම්පහ රෝහල්වල බාහිර රෝගී අංශයේ ඖෂධ හිගයක් තිබෙනවා. සම්බන්ධිකරණ කමිටුවේ මේ සඳහා ගත් පියවර මොකක්ද?

    පිළිතුර - යම් යම් බෙහෙත්වල හිඟයක් තිබෙන බව මෙතැනදි ඉදිරිපත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයත්, පළාත් සභාවත් එකතු වෙලා ඒක කළමනාකරණය කරගන්න ඕන. මම විශ්වාස කරනවා පසුගිය කාලයේ ඇතිව තිබුණ තත්ත්වය තුළ එය හරියාකාරව කළමනාකරණය වී නැහැ කියලා. ඒ නිසා තමයි අද දිස්ත්‍රික් කමිටුවේ මේ ගැන සාකච්ඡා කළේ. එතැනදී බස්නාහිර පළාතට අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැතිනම් ඒ රෝහල්වලට බාහිරෙන් ඖෂධ මිලදී ගෙන අවශ්‍යතාවය සපුරන්න අද අනුමැතිය ලබා දුන්නා.

    ප්‍රශ්නය - ඖෂධ හිඟය රට පුරාම තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මට්ටමින් අරගෙන තියෙන පියවර මොකද්ද?

    පිළිතුර - ඖෂධ හිඟයක් රට පුරාම නෑ. බෙහෙත් වර්ග කිහිපයක මේ අර්බුදය තිබෙනවා. බෙහෙත්වල තිබෙන්නේ මාෆියාවක්. උවමනාවෙන් ඒ බෙහෙත් හිඟ කරලා බෙහෙත්වල මිල වැඩි කරලා ලොකු අර්බුදයක් ඇතිකරලා තියෙනවා. හැබැයි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමයි, වෛද්‍යවරුයි කියන්නේ බෙහෙත් වර්ග කිහිපයක අඩුවක් තියෙනව කියලයි. ඒ බෙහෙත්වල අඩුව තමයි අපි ගන්න යන්නේ.

    ප්‍රශ්නය - විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව කතා වෙනවා.


    පිළිතුර - විදුලිබිල පිළිබදව අද රජය තීන්දුවක් ගෙන තියෙනවා. මේ තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක ජනතාවගේ අද වියදම් වැඩි වෙලා තිබෙනවා. තවත් විදුලිබිල වැඩිවුනොත් ජනතාවට උහුල ගන්න බැරි බව අපි පිළිගන්නවා. හැබැයි රටේ ඇතිව තිබෙන තත්ත්වය උදාහරණයක් ලෙස රුපියල් 500කට ඉන්ධන ලීටරයක් ගන්නවා නම් රජය අය කරන්නේ රුපියල් 250 යි. ඒ කියන්නේ රුපියල් 250 ක් රජය ජනතාවගේ බදු මුදල්වලින් ඒ ගෙවීම කරනවා. ඒ සදහා වියදම් කරන්නෙත් අහිංසක මිනිස්සු. නියම මිල දැම්මට පස්සේ ගමන් බිමන් අඩු වෙලා තිබෙනවා. ජනතාවට ඒ සහනය ලබා දෙන්න හැකි වෙලා තිබෙනවා.
    නොරොච්චෝලේ බලාගාරය හැදෙනකන් පසුගිය කාලෙම විදුලිය නිෂ්පාදනය කරන්න ක්‍රමයක් තිබුණේ නෑ. විදුලිය ලාබෙට ගන්න සූර්ය බලශක්ති ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් තිබුණේ නෑ. මේ හැමදේකම මාෆියාවල් තිබුණේ. නමුත් රජය ඒ සදහා පනත් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න වැඩ පිළිවෙල ආරම්භ කර තිබෙනවා. විදුලිය සඳහා ඉන්ධන පාවිච්චි කරනකොට විදුලි ඒකකයකට ලොකු වියදමක් දරන්න වෙනවා. මේ හැම එකෙන්ම තැලෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු. ඒ අය වෙනුවෙන් යම් කිසි දෙයක් වෙන්න ඕනේ. අපි කියන්නේ වැඩියෙන් පාවිච්චි කරන අයගෙන් වැඩියෙන් අය කරගෙන අඩුවෙන් පාවිච්චි කරන අයගෙන් අඩුවෙන් ගන්න ක්‍රමවේදයක් හදන්න කියලයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya