මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිබර් අවකාශයේ සිදුවන හිංසනය සහ ගත හැකි නීතිමය පියවර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    දෙසැම්බර් 24, 2022

    සයිබර් අවකාශයේ සිදුවන හිංසනය හා ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයාලයේ දී පැවැත්විණි.

     අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ශාමිලා වික්‍රමආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම වැඩසටහන පැවැත්විණ.

    වර්තමානයේ දී සයිබර් අවකාශය හරහා විවිධ අපරාධ සිදුවෙමින් පවතී. ඒ පිළිබඳ නිසි දැනුවත් භාවයකින් තොරව කටයුතු කරන්නනේ නම් අපරාධකරුවන්ගේ හ්‍රහණයට හසුවීමේ වැඩි ඉඩකඩක් පවතී.

    රාජ්‍ය නොවන සංවිධානයක් වන කාන්තා පිහිට ආයතනය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය හා මුල්‍ය දායකත්වය සපයන ලදි. වැඩසටහනේ සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන පැතුම් බුද්ධික මහතා විසිනි.
    සුහුරු දැනුමින් කාන්තාවන් සන්නද්ධ කිරීමේ අරමුණින් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා වනිතා සංවර්ධන නිලධාරීන්, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් ඇතුළු 30 ක පමණ පිරිසක් සහභාගී විය.

    DMU/Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya