මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පතට පක්ෂ නායකයන්ගේ අනුමතිය

    නොවැම්බර් 26, 2022

    පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ අනුමතිය හිමි විය.

    මේ සඳහා අනුමතිය හිමි වූයේ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගි වන විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

    එසේම තවදුරටත් මෙම පනත් කෙටුම්පත පිළිබඳ සංශෝධන ඇත්නම් කාරක සභා අවස්ථාවේදී ඒවා සංශෝධනය කිරීමට ද මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු තීරණය කළහ.

    මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, රිෂාඩ් බදියුදීන්, ඒ.එල්.එම් අතාඋල්ලා, සාගර කාරියවසම්, තලතා අතුකෝරල, එම්.ඒ. සුමන්තිරන්, දයාසිරි ජයසේකර, (මහාචාර්ය) තිස්ස විතාරණ, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.   එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද මේ සඳහා සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya