මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නෑ

    නොවැම්බර් 03, 2022

    මෙම සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

    එමෙන්ම මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් විසින් ඇණවුම් ලබා නොදීම ඉන්ධන පිරවුම්හල් සිඳී යාමට හේතු වී ඇති බව එම පණිවුඩයේ සඳහන් කරයි.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යන සමාගම් දෙකටම එන්. එෆ්.පී මගින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොග ඇති බවත් එහි වැඩි දුරටත් සදහන් ය.

    තමන්ට අවශ්‍ය ඉන්ධන ඇණවුම් කරන ලෙස ඉන්ධන අලෙවි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද විදුලිබල අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයේ සදහන් කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya