මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණි පාසල් සිසුවියෝ කථානායක හමුවෙති

    නොවැම්බර් 02, 2022

    පාර්ලිමේන්තුව නැරඹීම සඳහා (ඊයේ 01) පැමිණි මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට ගරු කථානායකතුමා හමුවීමේ අවස්ථාව හිමිවිය. එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සුහද පිළිසඳරකට සහභාගී වීමට සහ කථානායක වෙතින් ප්‍රශ්න විමසීමටද මෙහිදී සිසුවියන්ට හැකිවිය.

    පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී ද පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන් සඳහා අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය.

    ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන් වෙත හිමිවේ.

    මේ අනුව, පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya