මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන කොමිෂන් සභාවලට පත් කළ යුත්තේ රටේ අභිවෘද්ධිය උදෙසා කැප වෙන අයවලුන් පමණි - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

    නොවැම්බර් 01, 2022

    ස්වාධීන කොමිෂන් සභාවලට පත් කළ යුත්තේ රටේ අභිවෘද්ධිය උදෙසා කැප වෙන අයවලුන් මිස තම පෞද්ගලික අභිවෘද්ධිය උදෙසා කැප වෙන අයවලුන් නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී මධ්‍යවේදියෙකු විසින් යොමු කළ පැනයකට පිළිතුරු වශයෙනි.

    එමෙන්ම, ස්වාධීනව වැඩකළ හැකි නිළධාරීන් ස්වාධීන කොමිෂන් සභා වෙත පත් කළ යුතු බවත්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකළ හැකි අයවලුන් පත් කළ යුතු බව හෙතෙම මෙහි දී අවධාරණය කළ අතර මේ සඳහා සුවිශේෂී ලෙස නාම යෝජනා භාර ගෙන එම නාමයෝජනා සම්බන්ධයෙන් ඇති වන විරෝධතා ගොනු කිරීම් ලබාගෙන ඒ සඳහා වන අදහස් යෝජනා ගෙන ඉතාම සාධාරණ ලෙසට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ඒ මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya