මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැපයුම් කළමනාකරණය සඳහා විශේෂ කමිටුවක්

    ඔක්තෝබර් 26, 2022

    හිඟයකින් තොරව සැපයුම්දාමය පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් යුත් සැපයුම් කළමනාකරණය සඳහා විශේෂ කමිටුවක් කැබිනට් මණ්ඩලය ඊයේ පත්කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

    ජනාධිපති ලේකම්තුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා අනෙකුත් අමාත්‍යංශ වල ලේකම්වරුන්ගෙන් සමන්විත සියලුම අත්‍යවශ්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කර තීරණ ගතහැකි උසස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂිත කමිටුවක් ඊයේ පත්කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya