මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිත්තර හිඟයක් එන්නේ නැහැ- උත්සව සමයට සත්ත්ව නිෂ්පාදන ප්‍රමාණය වැඩිකරනවා- පශු සම්පත් අමාත්‍ය ඩී.බී. හේරත්

    ඔක්තෝබර් 25, 2022

    ඉදිරියේදී බිත්තර හිගයක් ඇතිවනු ඇතැයි ඇතැම් මාධ්‍යවල පළවන පුවත් අසත්‍ය බවද,එවැනි බිත්තර හිඟයක් ඉදිරියේදී ඇති නොවන බවද, උත්සව සමය ඉලක්ක කරගනිමින් සත්ත්ව පාලන කටයුතු වැඩිදියුණු කරමින් සත්ත්ව නිෂ්පාදන ප්‍රමාණය වැඩිකරන බවද පශු සම්පත් අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (25) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමිනි.

    පසුගිය කාලයේ පැවති සත්ත්ව ආහාර හිගයත් සමග සත්ත්ව ගොවිපොළවල් වැසීගිය බවද, වර්තමානයේ ගොවිපොළවල් විවෘත කර ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ ඔස්සේ සතුන් අලුතින් පැටවු බිහිකර දෙසැම්බර්, ජනවාරි වන විට වැඩි බිත්තර ප්‍රමාණයක් නිපදවිය හැකි බවද, එමනිසා බිත්තර හිඟයක් හෝ බිත්තර මිල වැඩිවීමක් සිදුවිය නොහැකි බවද පැවසීය.

    මෙම ගැටලු සදහා පශු සම්පත් අමාත්‍යංශය මේ වන විට පිළිතුරු සොයමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya