මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 18,000කට අධික පිරිසක් පීඩාවට

    ඔක්තෝබර් 25, 2022

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 18,000කට අධික පිරිසක් පීඩාවට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ‌බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති සී ප්‍රෑන්ක් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දේ.බෙංගාල බොක්ක මුහුදු ප්‍රාදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක්දක්වා වර්ධනය වී තිබේ.

    එසේම මධ්‍යම කඳුකරයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය වාන් දැමීම ආරම්භ කර ඇත.එම ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග විමිලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලිබලාගාරවල විදුලි උත්පාදනය මේ වන විට උපරිම ධාරිතාවයෙන් සිදු වෙමින් පවතී. මස්කෙලිය මාවුස්සාකැලේ ජලාශයේද වාන්දොරටු තුනක් මේ වනවිට විවෘත කර තිබේ.

    තවද, ගාල්ල , කළුතර , කෑගල්ල., නුවරඑළීය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබෙන නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

    මේ වනවිට දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 84ක පවුල් 4271කට අයත් පුද්ගලයන් 18129 දෙනෙකු පීඩාවට පත් වී ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya