මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ලැබෙන රුසියානු සහ බෙලරූස් ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ යයි

    ඔක්තෝබර් 21, 2022

    රුසියානු හා බෙලරූස් රාජ්‍යයන්වලින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරී තිබූ පසුබිමක තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වී මාස තුනක් වැනි කෙටි කාල සීමාවක් තුළ දී වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ කර අයදුම්පත් කැඳවා එම ශිෂ්‍යත්ව පිරිනැමීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අතරතුර දී ය.

    එමෙන් ම පසුගිය රුසියානු හා බෙලරූස් නිල සංචාරය අතරතුර එම ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කර ගැනීමට ක්‍රියා කර අවබෝධතා ගිවිසුම්වලට ද එළඹි බව ඒ මහතා මෙහි දී පැවසී ය. ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන රටවල් විසින් ම අයදුම්පත් පිරික්සා බලා ඉසඩ් අගය මත ඍජු ව මැදිහත් වී ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමත් මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්කරුවන්ගේ ඉසඩ් අගය පමණක් සලකා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමත් වශයෙන් ක්‍රම දෙකකට මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. එසේ ම ඉදිරියේ දී ලැබෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය කල් තියා ප්‍රසිද්ධ කර තෝරාගනු ලබන ශිෂ්‍යත්වලාභීන් ප්‍රමාණය ද අවසාන් වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමේ පාරදෘශ්‍යභාවය සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. තව ද එම සංචාරයේ දී බෙලරුස් රාජ්‍යයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර වෙනත් ආධ්‍යාපනික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අදාළ කෙටුම්පත් කෙරෙහි ද අවධානය යොමු වී තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya