මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන නිලධාරී ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්හි උපාධිධාරින් ගුරුසේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට තරඟ විභාගයක්

    ඔක්තෝබර් 20, 2022

    සංවර්ධන නිලධාරී ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්හි සේවයේ නියුතු උපාධිධාරින් ගුරුසේවයට අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා තරඟ විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් එළඹෙන සතියේ කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය

    ඒ අනුව බඳවා ගැනීමේ තරඟ විභාගයක් මඟින් පිරිසට ගුරු වෘත්තියට පිවිසීමට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පවතින ගුරු හිඟය සඳහා විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

    තවද පන්ති සාමාර්ථය තිබෙන විශ්ව විද්‍යාල සිසුන්ද , ඒ ඒ විශ්වවිද්‍යාලවල පීඨවලට බඳවා ගැනීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. එක් එක් විශ්ව විද්‍යාලවල පීඨාධිපතිවරු සහ ආචාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සංඛ්‍යාව හඳුනාගෙන ඇති බවත් එම පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya