මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් අභියෝග කඩිනමින් ජයගත හැකියි - සෞඛ්‍ය ඇමති

    ඔක්තෝබර් 20, 2022

    ගෝලීය කොවිඩ් අභියෝගය සාර්ථකව ජය ගත් අයුරින් වත්මන් අභියෝගයන් ද ඉතා කඩිනමින් ජය ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මේ වන විට ඉන් බොහෝ අභියෝග ජය ගනිමින් සිටින බවත් වත්මන් අතිශය අභියෝගාත්මක වකවානුව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බැරෑරුම් වකවානුවක් බවද අමාත්‍යවරයා කීය. Ceylon Oxygen සමාගමේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින්,(18) සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

    Ceylon Oxygen සමාගම ජර්මානු සමාගමක් වන Linde සමාගම යටතේ ගෝලීය කාර්මික වායු නිෂ්පාදනය සිදු කෙරෙන ඉංජිනේරු සමාගමකි. Linde යනු 2021 වසරේ ඩොලර් බිලියන 31ක විකුණුම් සහිත ප්‍රමුඛ ගෝලීය කාර්මික වායු සමාගමක් වන අතර ජර්මානු උසස් තාක්ෂණය හා යෙදවුම් සමගින් උසස් සේවාවක් සපයන සමාගමකි. මෙම සමාගමේ කාර්මික වායූන් ,රෝහල් සඳහා ජීවිතාරක්ෂක විශේෂිත වායු පිරිසිදු ඉන්ධන සහ හයිඩ්‍රජන් ඇතුළු තවත් බොහෝ යෙදවුම් නිෂ්පාදනය කෙරේ. මෙහිදී Ceylon Oxygen සමාගම විසින් නවීන පිරවුම් පහසුකම් පිළිබඳ මාර්ගෝපදේශනයක් සහ අනාගත ව්‍යාපාර පිළිබඳ වැඩසටහනක් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

    මෙම නිරීක්ෂණ චාරිකාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා..

    නවීන තාක්ෂණය මුසු කරගත් මෙවැනි ක්‍රියාදාමයන් අපට රටක් වශයෙන් ඉහළ වටිනාකමකි. ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියට ඔසිජන් සපයන මෙම ආයතනය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්මට සහ ගුණාත්මක සේවා වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කරමින් සිටිනවා. ඒ අනුව දිගු කලක සිට ආරක්ෂාව සහ ප්‍රමිතිය අතින් මෙම සමාගම පුරෝගාමීත්වය ලබාගෙන තිබෙනවා. කොවිඩ් ව්‍යසනයේ උච්ඡතම අවස්ථාවේදී එයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම සමාගම විශාල සහයෝගයක් දැක් වූ අතර මෙහි ඉන්දියානු ශාඛාවක් ඒ සඳහා විශේෂ දායකත්වයක් ලබා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ ජර්මානු තානාපති Holger Seubert මහතා.

    ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර දිගුකාලීන මිත්‍රත්වයක් පවතින අතර ජර්මානු සමාගම් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර කාල වලදී මෙරට සහයට සිටිනු ලැබීය. ලෝකයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව නව තාක්ෂණය සමගින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට සහය වීමට ජර්මනිය සූදානම්ව සිටී. Linde Plc ඒ සඳහා හොඳම උදාහරණයක්.

    ceylon oxygen හි ප්‍රධානී ශිරන්ති තෙවරප්පෙරුම , ජර්මානු වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ප්‍රධානී මාරි ඇන්තෝනියෝ, මලින්ත ගජනායක,දකුණු ආසියානු නියෝජිත අභිජිත් බෙනර්ජි, Linde Plc නියෝජිත රදේශ් දලුවත්ත, ඇතුළු එම සමාගමේ නිලධාරීන් පිරිසක් සහ ජර්මානු නියෝජිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya