මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල කළමනාකරණ සේවයට බඳවාගැනීමේ දි අධ්‍යාපන අනධ්‍යන සේවකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය

    ඔක්තෝබර් 19, 2022

    පාසල්වල කළමනාකරණ සේවයට බඳවා ගැනීමේ දී තිස් දහසක් පමණ සිටින අධ්‍යාපන අනධ්‍යන සේවකයන්,සඳහා එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    තිස් දහසක් පමණ සිටින අධ්‍යාපන අනධ්‍යයන සේවක පිරිස් සම්බන්ධයෙන් කිසිම ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත්, ඔවුන්ට උසස් වීමේ ක්‍රමවේදයක් නොමැති බවත්, ඔවුන්ගේ ගැටලූ ඉදිරිපත් කිරීම සදහා අවස්ථාවක් නැති බවත් කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රාජ්‍ය සේවයේ ඕනෑම කෙනෙකුට වසර 05කින් කළමනාකරණ සේවා විභාගයට පෙනී සිටිය හැකි බවත් ඒ සඳහා ද මෙම පිරිසට ඉදිරිපත් විය හැකි බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya