මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථීක වශයෙන් රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට විකල්ප හතරක් - සාධනීය යෝජනා පිළිගන්නවා

    ඔක්තෝබර් 04, 2022

    ආර්ථීක වශයෙන් වර්තමානයේ දී රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට රජයේ ආදායම් හැකි තාක් වැඩිකරගැනීම, රජයේ වියදම් හැකි තාක් අඩු කරගැනීම, රට අභ්‍යන්තරයට ගලා එන විදේශ විනිමය වැඩිකර ගැනීම, රටින් පිටට ගලායන විදේශ විනිමය අඩු කර ගැනීම යන විකල්ප හතරක් ඇති, මෙම විකල්ප හතර ආවරණය වන ඕනෑම යෝජනාවක් ඕනෑම අයෙක්ට යෝජනා කළ හැකි බවත්,රජය එම සාධනීය යෝජනා පිළිගෙන ක්‍රියාත්මක කිරීමට කැමති බවත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා එළැඹෙන අය වැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පැවසීය.

    ඉදිරි වසරේ රජයේ පුනරාවර්ථන වියදම රුපියල් බිලියන 4637 හා ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 3245ක් බවත්, ඒ අනුව ඇස්තමේන්තු කොට තිබෙන සම්පූර්ණ රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,885ක් බවත්, අමාත්‍යවරයා පැවසීය. 2022 වර්ෂය සඳහා නැවත නැවතත් දැරිය යුතු පුනරාවර්ථන වියදම සළකා 2023 අයවැයේදී කුමන ආකාරයකට බදු ගැලපීම් කළත් උපයාගත හැකි වන්නේ මෙයින් හරි අඩක් පමණක් බවත්, රටේ ජනතාව පිළිගතයුතු යථාර්තය මෙය බවත්, ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    රජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්, රජය මගින් ගෙවන සමුද්ධි ඇතුළු සහනාධාර, රාජ්‍ය ණය සඳහා පොළී ගෙවීම්, සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බවත්, එවැනි වියදම් පියවීමට ආදායමක් මෙරට කිසිම මොහොතක ඇති නොවූ බවත්, හැම වසරකම ජංගම ගිණුමේ හිඟයක් ඇති බවත්, එයට රුපියල් බිලියන 3245ක් එකතු කිරීමෙන් විශාල අයවැය පරතරයක් ඇතිවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මෙම පරතරය පියවීමට 1977 න් පසුව මෙරට තිබූ සෑම ආණ්ඩුවක්ම ණය ලබාගත් බවත් දේශීය හා විදේශීය වශයෙන් ගෙන ඇති එම ණය අඛණ්ඩව ණය හා පොළී ලෙස ගෙවීම් සිදුකළ බවත්, එය ගෙවීමට නොහැකි අවස්ථාවලදී ගත් ණය ගෙවීමට තවත් ණය ගත් බවත්, පැවති කොවිඩ් තත්වය යටතේ ආදායම් හිඟ වී ගත් ණය ගෙවාගැනීමට නොහැකි වූ බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    බහු පාර්ශවික ණය ගෙවීම මේ වන විටත් සිදුවන නමුත් ද්වී පාර්ශවික ණය ගෙවීම නවතා ඇති බවත්, එය ගෙවීමට සුදුසු ආකරයට සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම වැනි ඒවා නවත්වා වියදම අඩු කරගැනීමට නොහැකි බවත්, එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති නවත්වා සංවර්ධන වියදම් අවම කර මුදල් ඉතිරිකරගැනීමට හැකියාවක් නොමැති බවත්, එසේ වුවහොත් එහි බලපෑම ජනතාවට බවත්, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

    මෙවර අයවැය විසර්ජන කෙටුම්පත සකස් කර ඇත්තේ හැකි තරම් ප්‍රමාණයකට ප්‍රාග්ධන වියදම් අඩුකරමින් බවත්, පුනරාවර්ථන වියදමට වඩා ප්‍රාග්ධන වියදම අඩු බවත්, රජයේ ආදායම් ලැබීම් පුනරාවර්ථන වියදම්වලට වඩා අඩු බවත්, අර්ථීක බිඳවැටීමට දේශපාලන උත්තරයක් නොමැති බවත්, ඇත්තේ අර්ථීක විද්‍යාත්මක උත්තරයක් පමණක් බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya