මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් ගෙවන බව කියන සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක්

    ඔක්තෝබර් 04, 2022

    රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් ගෙවන බව කියමින් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කොයි මොහොතකවත් රාජ්‍ය සේවක වැටුප් කපා හැරීමක් ගැන සැකයක් ඇති කර නොගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් පිළිබඳව අද පැවති විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ රටේ සමෘද්ධිලාභී පවුල්, සමෘද්ධි ඉල්ලන අය ඉන්නවා. පවුල් ලක්ෂ 68න්, පවුල් 30කට වැඩි ප්‍රමාණයක් යැපුම් මට්ටමෙන් පහළ ඉදගෙන ආධාර බලාපොරොත්තු වෙනවා. හැබැයි රාජ්‍ය සේවකයා කියන නිශ්චිත වැටුපකට කොටුවුණ පුද්ගලයත්, ඒ පවුලත් ආහාර උද්ධමනය ඇති වෙන කොට විශාල පීඩනයක තමයි ඉන්නේ.

    අප කිසිම වෙලාවක මෙවැනි දෙයක් කල්පනා කරන්නේ සැලසුම් කරන්නේ නැහැ. ඒ ගැන කතා කරලවත් නැහැ. රුපියල් බිලියන 93ක් වැටුප් සඳහා වැය කරනවා. විශ්‍රාම වැටුප් සඳහා බිලියන 26ක් වැය කරනවා.සමස්තය වැටපු හා විශ්‍රාම වැටුප් වලට බිලියන 119ක් වැය කරනවා. වාර්ෂිකව බැලුවොත් බිලයන 1428ක්. 2021 ආදායම බිලියන1460යි. ආදායමට සමාන ප්‍රමාණයක් වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා ගෙවනවා.රාජ්‍ය සේවක වැටුප් කියන එක මෙරට පුනරාවර්තන වියදම්වල අත්‍යවශ්‍ය දෙයක් විදියට රජය හඳුනාගෙන තිබෙනවා.

    පසුගිය වසරේ මුළු වියදම බිලියන 3522ක්. සියයට 240ක් ආදායම වගේ වියදම. 2021 පොලී ගෙවන්න වියදම් කරලා තිබෙනවා බිලියන1048ක්. මේ අවුරුද්දේ අගොස්තු 31 වැනිදා වෙන කොට අපේ මුළු ආදායම බිලියන 1238.4යි. වැටුප් සහ පොලී සඳහා පමණක් බිලියන 1952.1ක් වියදම් කරලා තිබෙනවා. ප්‍රාග්ධන වියදම් ආවම 3539 වියදම. වෙනස බිලයන 2400යි. ආදායම වැඩි කර ගැනීමේ දැවැනත් අභියෝගයක ඉන්නවා. දළ දේශීය ආදායමත් සමඟ සියයට අටක ඉන්නේ මෙය 11කට ගෙනියනව නම් බිලියන 400කින් ආදායම වැඩි කරගන්න අවශ්‍යයි. සියලු දෙනාම පිළිගන්නවා අදායම් උපයා ගත යුතුයි කියලා. අපි ආදායම් උපයාගත හැකි අංශවල සමහර දේවල් කප්පාදු කරලා ඔවුන්ට කියනවා ආදායම උපයා දෙන්න කියලා. මම හිතන්නේ නැහැ එහෙම කරලා ආදායම උපයන්න පුළුවන් කියලා. අපට බලාපොරොත්තු තැබිය හැකි විදේශ ආයෝජන අතර වාහන එකලස් කිරීමේ කර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නවා.

    ඉන්දියාව ,මැලේසියාව, තායිවානය වැනි රටවල් ඉන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඔවුන් එකිනෙකා තරගකාරීව විවිධ පහසුකම් ලබා දී තිබෙනවා.

    අපේ කලක සිට අශෝක් ලේලන්ඩ්, මයික්‍රෝ වැනි ආයතන මෙම කර්මාන්තයේ යෙදුණත්, එහි හැරවුම් ලක්ෂය ලෙස වෙස්ටේනර් ඔටෝ මොබයිල් සමාගමේ ආයෝජනයට 2016 කැබිනට් අනුමැතිය ලැබුණා.

    මූලිකව ඔවුන් හා රජය සමඟ එකඟ වුණේ (C.I.F.) කොටස් මිළ රක්ෂණය හා ප්‍රවාහන ඇතුළත් වටිනාකමින් 30% ක් බදු අනුපාතයක්, එහෙත් 2017 අයවැය මඟින් එසේ ගෙවිය යුතු බද්දෙන් 30% ලෙස වෙනස් වුණා.මෙහිදී වන්නේ සමාගම සමග එකඟ වූ පරිදි බදු සහනය ලබාගෙන දීමයි. 2022 ජූලි 27 ගැසට් වුණා.2022 අගෝස්තු 30 කැබිනට් අනුමැතිය ලැබුණා.

    1969 අංක 01 දරණ ආනයන අපනයන පාලන පනත යටතේ ඩොලර් ආරක්ෂා කිරීමට අපට විවිධ සීමා පනවන්න වුණා. 2022.08.23 - 2294/ 29 රෙගුලාසි භාණ්ඩ වර්ග 6 ක් තහනම් ඉවත්කරා.සංචාරක හෝටල්, විදුලි මෝටර් සයිකල් සෞඛ්‍ය හා බල බලශක්ති උපකරණ සඳහා විවෘත ගිණූම් ක්‍රමය ආදී වශයෙන් 2022.08.23 - 2294/30 කේත අංක 1464 නැවැත්තුවා. උදාහරණ TOOTH PIK,සරුංගල්, බලු කරපටි ආදී වශයෙන් දැනට ක්‍රියාත්මකයි. නීතිය පරිදි පාර්ලිමේන්තුවවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමයි සිදුවන්නේ. පසුව 708 ඉවත්කරා අනම්‍ය , කෘෂිකාර්මික ධීවර අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආදී වශයෙන් - තවදුරටත් අභියායචනා සාකච්ඡා කරනවා.

    අඩු ආදායම්ලාභීන්ට බරක් නොවන අයුරින්, ගෙවීම් කළ හැකි අයට ගෙවිය හැකි පරිදි ආදායම් උපයා ගැනීමේ ක්‍රමවේද සකස් කළ යුතු බවද මුදල් රාජ්‍ය ඇමතිවරයා පැවසීය. එහෙත් ආදායම උපයන්නාට කිසිම මොහොතක හොඳක් අහන්න නොලැබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. වියදම් කළ හැකි තැනට ආදායම ඉපයිය හැකි මට්ටමට මෙරට ගෙනඒමට සියලුදෙනාගේම ශක්තිය ලබාදෙන්න යැයි ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya